ඕස්ට්‍රේලියානුවන් මෙන්ඩිස්ගේ පන්දු ඉදිරියේ අසරණ වෙයි

Spread the love

ඕස්ට්‍රේලියාව සමග පැවති දෙවන 20/20 තරඟයෙන් ලකුණු 8 ක තියුණු ජයක් ලබා ගැනීමත් සමගින් ඕස්ට්‍රේලියාවට එරෙහි පැවති 20/20 තරඟාවලියෙන් 2-0 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.

පන්දු 63 කදී ලකුණු 86 ක් ලබාගත් මහේල ජයවර්ධනගේ සුපිරි ඉනිම, ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 158 ක ඉලක්කයක් ලබා දුනි.

ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කරමින් ශේන් වොට්සන් පන්දු 24 කදී හයේ පහර 5 ක් සමගින් ලබාගත් ලකුණු 57 ඔවුන්ට ලබා දුන් වේගවත් ආරම්භය, ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරාගේ ඥානාන්විත පන්දු රැකීම ඉදිරියේ අඩපණ විය.

ජාත්‍යන්තර 20/20 තරඟවලදී හොඳම පන්දු යැවීම වාර්තා කළ අජන්ත මෙන්ඩිස් තම පන්දු වාර 4 තුලදී ලකුණු 16 කට කඩුළු 6 ක් බිඳ හෙළීම ඕස්ට්‍රේලියානු ඉනිම සුනු විසුණු කිරීමට සමත් විය.

ඕස්ට්‍රේලියාව සමග තරඟ 5 කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරඟාවලියේ ප්‍රථම තරඟය (දිවා/රාත්‍රී) හෙට (10 අගෝ.) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.

RSL

Related Posts