උතුරු හා නැගෙනහිර පළාත්වල ඉඩම් ලේඛණගත කිරීම හා හිමිකම් ගැටළු විසඳාලීම වෙනුවෙන් හඳුන්වාදී ඇති නව පටිපාටිය සම්බන්ධයෙන් විදෙස්ගතව සිටින ලාංකික සරණාගතයින් දැනුවත් වීම අත්‍යාවශ්‍ය බව සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයාගේ මෙරට නියෝජිත මයිකල් ස්වැක් කියා සිටී.
එසේ දැනුවත් වීමක් මඟින් ඔවුන්ට අයත් ඉඩම් සම්බන්ධයෙන් ඉදිරියේදී ගැටළු පැන නැඟීමට ඉඩක් ඇති නොවන බව ඔහු පෙන්වා දෙයි.
මේ වසරේ ජූලි මාසයේ සිට මෙම නව පටිපාටිය හඳුන්වා දී ඇත.
ඉඩම් සම්බන්ධයෙන් වන ගැටළු විසඳාලීම වෙනුවෙන් වන පියවරක් ලෙසින් එය සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයාගේ නියෝජිතයා අගය කොට ඇත.
පසුගිය වසර අවසන් වන විට ශී‍්‍ර ලාංකික සරණාගතයින් 141,063 දෙනෙකු රටවල් 65ක වාසය කරමින් සිටි බව සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයාගේ කාර්යාලය කියා සිටී.
Loading...