ශවේන්ද්‍ර සිල්වාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය

Spread the love

එක්සත් ජාතීන්ගේ ශ්‍රි ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ශ්‍රි ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ක්‍රියා කිරීමේ අවස්ථාව සුරක්ෂිත කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව විදේශ අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය මේ බව සදහන් කරනුයේ නිව්යෝර්ක් අධිකරණයක් මගින් නිකුත් කරන ලද සිතාසියක් ශවේන්ද්‍ර සිල්වාට භාරදීමේ උත්සාහයක් පිළිබදව අවධානය යොමු කරමිනි.
විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ශවේන්ද්‍ර සිල්වා නිව්යෝර්ක්හි රැදී සිටින්නේ එක්සත් ජාතින්ගේ වරප්‍රසාදයන්ට සහ මුක්තීන්ට මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබද වියානා ප්‍රඥප්තින්ට ඇතුලත් වරප්‍රසාදයන්ට යටත්ව බවයි.
එම නිසා ඔහු එම ප්‍රඥප්තීන්ගේ ආරක්ෂාවන්ට යටත්වන බව විදේශ අමාත්‍යාංශයේ ස්ථාවරය වී තිබේ.
එසේම අදාළ ප්‍රඥප්තීන්ට අනුව ශවේන්ද්‍ර සිල්වාට ශ්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික කාර්යන් ඉටු කිරීම සදහා අවශ්‍ය වටපිටාව ඔහු රැඳී සිටින රට විසින් සුරක්ෂිත කළයුතු බව ද විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙනු ලැබේ.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සදහා අමෙරිකාවට ගිය ජනාධිති මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිබදව ජගත් මහලේකම්වරයාගේ අවධානය ද යොමු කර ඇති බවයි.

RSL

Related Posts