ශී‍්‍ර ලංකාවේ ජාතික සංහිඳියාවට බාධා කරන්න එපා – තමරා කුනනායගම්

Spread the love

එජා මානව හිමිකම් කොමිසමේ 26 වැනි සැසියේදී පිළිතුරු කථාවක් පවත්වමින් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිටින ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත තමරා කුනනායගම් මහත්මිය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ ශී‍්‍ර ලංකාවේ සිදුවෙමින් පවතින ජාතික සංහිඳියාව ස්ථාපිත කරලීමේ කි‍්‍රයාවලියට බාධා නොකළ යුතු බවයි.
උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමෙහි කටයුතු සම්පූර්ණ කොට එහි අවසන් වාර්තාව නිකුත් කිරීමට පෙර සමහර රටවල් එම කි‍්‍රයාවලිය විවේචනය කිරීම සම්බන්ධයෙන් ඇය ප‍්‍රශ්න කොට සිටියාය.
ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් 2009 වසරේදී මෙම කොමිසම ගත් තීරණයක් නැවත සලකා බැලීමට එම රටවල් ගන්නා උත්සාහයන් ඇයගේ දැඩි විවේචනයට ලක්විය.
මෙම තත්ත්වය තවදුරටත් පැවතීමට ඉඩ හැරියහොත් එය සංවර්ධනය වන ඕනෑම රටකට එරෙහිව ගන්නා කි‍්‍රයාමාර්ගයක් වනු ඇති බවට ඇය අනතුරු අඟවා සිටියාය.
එමඟින් පසමිතුරු ආකල්ප තවදුරටත් උත්සන්න වීමට හා පවතින කි‍්‍රයාවලියෙහි විශ්වාසනීයත්වය හා නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් දැඩි ගැටළු ඇතිවීමට හේතුවනු ඇතැයි කුනනායගම් මහත්මිය පැවසුවාය.
ඇයගේ සම්පූර්ණ කතාව අප ඉංග්‍රීසි වෙබ් පිටුවේ පළ කර ඇත.

RSL

Related Posts