ආණ්ඩුව විවිධ සිහින නිර්මාණය කරමින් ජනතාවට අලෙවි කරනවා – විජිත හේරත්

Spread the love

විවිධ සිහින නිර්මාණය කරමින් ජනතාවට අලෙවිකරමින් සිටින ආණ්ඩුව රජ්‍ය ආයතන ගණනාවක් බංකොලොත්වීමට ඉඩ හරිමින් දැන් 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සම්බන්ධ සිහිනයක් අලෙවි කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ අද දින (11) පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මේ බව පැවසීය.

පසුගිය කාලයේ විවිධ සුරංගනා සිහින මවමින් පිහිටුවන ලද මිහින් ලංකා සමාගම හෙජින් ගිවිසුම, අයිෆා උලෙල, ලෝක කුසලාන ක්‍රිකට් උළෙල, පැවැත්වූ බවත් මේ මහජනතාවගේ මුදල් රුපියල් කෝටි දහස් ගණනක් වියදම් කර ඇති බව හෙළි කළේය. ලාබෙට ඛණිජ තෙල් දීමට හෙජින් ගිවිසුමෙන් කෝටි අටදාහක් පමණ පාඩු ලැබීම ද මෙහිදී සැළකිල්ලට ගතයුතු බව ඔහු සදහන් කළේය.

එමෙන්ම මිහින් ලංකා අලාභය කෝටි 681ක්, අයිෆා අලාභය කෝටි 110ක්, ද ෆිනෑන්ස් සමාගමේ කෝටි 1080ක්, ලංකා පුත්‍ර බැංකුවේ රුපියල් කෝටි සියගණනක් පාඩු ලබදිදී දැන් 2018 දී පැවැත්වෙන පොදු රාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උළෙල ලබා ගැනීමට ප්‍රචාරක වියදම් ලෙස පමණක් දැනටමත් කෝටි 40ක් වියදම් කර ඇති බව හෙළිකළේය.

එමෙන්ම එම ක්‍රීඩා උළෙල වෙනුවෙන් රුපියල් කෝටි 26500ක් වැය කිරීමට සූදානම් බවද එය 2012 වසරේ අපේක්ෂිත රජයේ ආදායමෙන් 25% ඉක්මවා ඇතිබවද ඔහු කීය.

මෙම ක්‍රීඩා උළෙල ලැබීමෙන් සංචාරක ආකර්ෂණය ඇතුළු ආදායම් ලබාගත හැකි බව කීවද ඒවා හීන යැයි හැදින්වීය. 2004 ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වූ ග්‍රීසිය අද බරපතළ ආර්ථික අර්බුදයකට පත්වී ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම ද ෆිනෑන්ස් සමාගම වසරේ මුල් මාස 3 තුළ රුපියල් කෝටි 310ක් වියදම් කර රුපියල් කෝටි 380ක් අලාභවී පසුගිය වසර 3 තුළ කෝටි 1080ක් අලාභ ලබා තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලබාදිය නොහැකි බංකොලොත් තත්වයකට පත්ව ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Loading...

RSL

Related Posts