හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත විය. මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රත්වත්තේ මහතා මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්තවූ බව එම රෝහලේ ස්නායු විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජිත් වික්‍රමසිංහ මහතා විසින් තහවුරු කරනු ලැබිණි.
ඔහු පැවසුවේ, රත්වත්තේ මහතා නිවසේදී ඇද වැටීමෙන් මොලයේ අභ්‍යන්තරයේ සිදු වු රුධිර වහනයක් හේතුවෙන් දින කිහිපයක් රෝහල් ගතව සිටි බවයි.ශල්‍ය කර්මයකට ද ලක් කෙරුණු ඔහු අද උදෑසන වනතෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
මිය යන විට 73 වන වියේ පසු වු ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතා මහනුවරදී උපත ලැබීය. උඩරට ප්‍රකට දේශපාලන පවුලක උපත ලද රත්වත්තේ මහතා ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඥාති සොහොයුරෙකි.එතුමා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
මහනුවර ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයකු ලෙස ක්‍රියා කළ හැරිස් ලෙව්කේ රත්වත්තේ මහතා ඔහුගේ පියාණන් වන අතර අනුරුද්ධ රත්වත්තේ මහතා ශ්‍රි දළදා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේවරයකු ලෙසද ක්‍රියා කර තිබේ.
අනුරුද්ධ රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වෙයි
Loading...