දඹුල්ල ආර්ථිකේ ව්‍යාපාරිකයින්ගෙන් ජනමාධ්‍යවලට සහ ගොවීන්ට දැඩි තර්ජන
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අඩුවීම පිළිබඳව මාධ්‍ය වලින් ප්‍රචාරය වීමත් සමග තමන්ට විශාල අසාධාරණයක් සිදු වූ බව පවසමින් අද (28) උදෑසන එළවළු මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයන් පිරිසක් ගොවීන්ට සහ ජනමාධ්‍යවේදීන්ට ද බලපෑම් එල්ල කරන්නට වූහ.
පසුගිය සතියට සාපේක්ෂව විශාල වශයෙන් එළවළු තොග මිල අඩුවීම සහ එළවළු මිල දී ගැනීමට පැමිණෙන වෙළෙදුන්ගේ අඩුවීම පිළිබඳව මාධ්‍යවේදීන් උදෑසන ආර්ථික මධ්‍යස්ථානයේ මිල ගණන් විමසීමක් සිදු කරමින් සිටියදී සංවිධානාත්මක පැමිණි මෙම කණ්ඩායම ගොවි මහතුන්ට සහ එළවළු රැගෙන එන පිරිසට දැඩි ලෙස චෝදනා කරමින් කියා සිටියේ එළවලළු මිල අඩු වූ බව ජනමාධ්‍ය මගින් ප්‍රකාශ කිරීමත් සමග තමන්ට එළවලු අලෙවි කර ගැනීමට නොහැකි තත්වයක් උදා වී තිබෙන බවය.
එළවළු වල මිල අඩු වී තිබුණ ද ප්‍රවාහනය සහ එළවළු නරක් වීම නිසා තමන්ට විශාල පාඩුවක් සිදුවන බවත් එක වරම ජනමාධ්‍ය මඟින් එළවළු මිල අඩු වූ පුවත ප්‍රචාරය වීමත් සමග පාරිභෝගිකයා තමන්ට බලපෑම් එල්ල කරමින් වෙළඳාම් කටයුතු සිදු කර ගැනීමට නොහැකි තත්වයක් උදාව වී ඇතැයි එළවළු මිලදී ගැනීමට පැමිණි වෙළෙන්දෝ කෑගසමින් කියන්නට වූහ.
නුවරඑළිය ප්‍රදේශයේ ගොවීන් කියා සිටියේ පහුගිය කාලයේ එළවළු මිල සීඝ්රයෙන් ඉහළ ගිය බවත් මේ වන විට තමන් රැගෙන ආ එළවළු අලෙවි කර ගැනීමට පවා නොහැකි තත්ත්වයක උදාවී තිබෙන බවය. එවැනි අවස්ථාවක එළවළු මිල රටට හෙළි කොට අලෙවි කර ගැනීම තම අරමුණ බව ගොවීන් කියන්නට විය.
කෙසේ වෙතත් එළවළු මිලදී ගැනීමට පැමිණ සිටි ඇතැම් පිරිස් වම්බටු කිලෝ දෙකක පමණ බෑගයක් පෙන්වමින් තමන් තොග වෙළෙන්දන් බව හුවා දැක්වීම විශේෂත්වයකි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු කිලෝ 5කට වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමේදී තොග මිල සඳහන් වීම විශේෂත්වයකි.
සංවිධානාත්මක පැමිණි මෙම වෙළෙන්දෙකු බිල් කිහිපයක් ඉදිරිපත් කරමින් තමන් වම්බටු කිලෝවක් තමන් රුපියල් තුන්සියයකට මිලදී ගත් බව හුවා දැක්වීම උත්සාහ කරමින් සොපින් බෑග් එකක තිබූ වම්බටු කිලෝ එකහමාරක් දෙකක් අතර ප්‍රමාණයක් පෙන්වමින් මිල අඩු වූ පුවත ප්‍රචාරය නොකරන්නැයි ජනමාධ්‍යවලට බලපෑම් කළේය.
එම පිරිස ඉතා සංවිධානාත්මකව එළවළු මිල පහත වැටීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය මගින් සිදුකරන ප්‍රචාරයන් නවත්වා ගැනීම අරමුණ කරගෙන මේ ආකාරයේ බලපෑම් කළ බව පැහැදිලිව දැකගත හැකිවිය. කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරන භාරය මඟින් දිනපතා නිකුත් කරන එළවළු කිලෝවක තොග මිල පිළිබඳව අප අවධානය යොමු කළෙමු.
එහෙත් මෙම වෙළෙඳ ව්‍යාපාරිකයන් බව පැවසූ පිරිස කියා සිටින්නේ ආර්ථික මධ්‍යස්ථාන කළමණානාකරණ භාරය විසින් දෛනිකව නිකුත් කරන මිල දර්ශනය ද නිකුත් නොකළ යුතු බවත් එම මිල දර්ශනය තමන් පිළිගැනීම්ට නොහැකි බවයි.
කෙසේ වෙතත් ගොවීන් සහ තවත් කණ්ඩායම් පැමිණ මෙයාකාරයෙන් කෑ කෝ ගැසීමෙන් පලක් නැති බව පැවසීමත් සමග එම පිරිස ගොවි මහත්තුරුන්ට සහ ජනමාධ්‍යවේදීන්ට බැන වදිමින් එම ස්ථානයෙන් පිටව යන්නට වූයේ තමන්ගේ අරමුණ ඉටුකර ගැනීමට නොහැකි වීම නිසාවෙනි.
අද (28) දින ද පෙර සතියට සාපේක්ෂව එළවළු මිල පහත අගයක් ගෙන තිබිණි.
ඉකුත් සතියේ 11.22 දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පැවැති මිල සහ 28 දින පැවති මිල ගණන් මෙසේය.
වර්ගය 2021.11.22 මිල 2021.11.28 මිල
- ගෝවා 230 – 300 150 – 170
- බෝංචි 300 320 120 – 150
- ලීක්ස් 420 – 450 180 – 230
- කැරට් 350 – 360 210 – 240
- බීට් රූට් 90 -100 090 – 100
- තක්කාලි 300 – 330 180 -250
- රාබු 120 – 130 70 – 100
- නෝකෝල් 150 -180 90 – 110
- කැකිරි 60 – 80 60 – 70
- පිපිඤ්ඤා 80 – 90 60 – 70
- අර්තාපල් අල 220 -230 200 – 220
- වැටකොළු 220 – 240 120 – 170
- බණ්ඩක්කා 180 – 200 80 -100
- පතෝල 230 – 240 140 – 150
- කරවිල 400 – 420 250 – 260
- වට්ටක්කා 50 – 60 35 – 45
- වම්බටු 200 – 220 220 – 250
- දඹල 220 – 230 110 – 130
- මෑ කරල් 200 – 240 160 – 180
- මාළු මිරිස් 500 – 550 430 -450
- අමුමිරිස් 180 – 220 220 – 250
සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස