යෝෂිත FCIDය මඟ හරී
- RSL
- September 12, 2017
- පුවත් සහ වාර්තා
- FCID, Yoshitha Rajapaksa
- 0 Comments
හිටපු ජනාධිපති කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (12) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී නොසිටි බව වාර්තා වෙයි.
ප්‍රකාශයක් ලබාගැනීම සඳහා යෝෂිත රාජපක්ෂට අද දිනයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණි.
කෙසේවෙතත් පෞද්ගලික හේතුවක් මත ඔහු අද දිනයේ එම කොට්ඨාසය හමුවේ පෙනී නොසිටි බව ඔහුගේ නීතිඥයෙකු පුද්ගලික මාධ්‍යයකට පවසා තිබුණි.

