ගහෙන් වැටුණු යෝෂිතට ගොනා අනියි!
- RSL
- February 29, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Yoshitha Rajapaksa
- 0 Comments
අද(29) දිනයේ ද මුදල් විශුද්ධිකරණ සහ පොදු දේපළ පණත උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂට ඇප ලැබුණේ නැත. ඇප මත මුදාහැරීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද (29)කැඳවූ අවස්ථාවේදී අධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ, ඇප ලබා දීමට එරෙහිව රජයේ නීතිඥවරයා දැක් වූ කරුණු සැලකිල්ලට ගනිමිනි.
මේ අතර යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ ස්වාධීනව පවත්වාගෙන යායුතු බැවින් සේවය අත්හිටුවන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමක් අනුව ඔහුගේ සේවය අත්හිටුවීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ අනුව 2016 පෙබරවාරි මස 28 වන දින සිට බලපැවැත්වෙන පරිදි යෝෂිත රාජපක්ෂ මහතාගේ නාවික හමුදා සේවය අත්හිටුවා ඇති අතර ඔහුගේ වැටුප් හා දීමනාද වහාම ක්‍රියාත්මක වන පරිදි නවත්වා තිබේ. අදාළ පරික්ෂණවල විශ්වසනීයත්වය වෙනුවෙන් මේ පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.
