වසර 3 ක් තුළ 3වන වතාවටත් රනිල් අගමැති ලෙස ජනපති මෛත්‍රී ඉදිරියේ දිවුරයි
- RSL
- December 16, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- President Maithripala Sirisena, Prime Minister Ranil Wickramasinghe, Ranil Wickeramasinghe, UNF, United National Party, UNP
- 0 Comments
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ 2015 සිට 2018 දක්වා වසර තුනක කාල සීමාව තුල තෙවතාවක් අග්‍රාමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙමින් නව ලෝකවාර්තාවක් සහ වසර 24 ක් තුල 05 වතාවක්ම අග්‍රාමාත්‍යවරයෙකු වශයෙන් දිවුරුම් දෙමින් තවත් ලෝකවාර්තාවක් තබමින් ගිනස් වාර්තා පොතට එක්වීමට හිටපු නව පත්වීම් ලද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද(16) සමත් විය.
පුරා වසර 25 කට ආසන්න කාලයක් එක්සත් ජාතික පක්ෂයට අඛණ්ඩව නායකත්වය දෙමින් සියලු කුමන්ත්‍රණ, අභියෝග ජයගනිමින් එම පක්ෂයේ අසහාය නායක රනිල් වික්‍රමසිංහ අද (16) පෙරවරු 11.16ට යෙදුනු සුබමොහොතින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මෙරට අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දුන් පස් වන අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
ඔහු පළමු වරට 1993 වර්ෂයේදී අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දුන් අතර දෙවන වරට 2001 වසරේදී, තෙවන වරට 2015 ජනවාරි මාසයේදී හා සිව්වන වරට 2015 අගෝස්තු මාසයේ දී දිවුරුම් දෙනු ලැබීය.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් කිහිපදෙනෙකු පමණක් සහභාගී වී තිබේ.
නව රජයේ අමාත්‍ය මණ්ඩලය හෙට (17) හෝ අනිද්දා (18) දිනයේ දී දිවුරුම්දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

