දේශප්‍රේමය සහ ඥාතිප්‍රේමය!
- RSL
- January 2, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, wimal weerawansa
- 0 Comments
කතාවට ගිය විට නම් විමල් වීරවංශට වඩා මිනිහෙක් ඇත්තේ නැත. ඔහුට වඩා දේශප්‍රේමියෙක් මෙරට නැත්තේ ඔහු ඒ ගැන පේටන්ට් බලපත්‍රය ලබාගෙන ඇති නිසා ය. ඔවුන්ට අනුව යුද්ධයට සම්බන්ධවුණු සොල්දාදුවෝ මොන තුච්ඡ වැඩේ කළත්, නීතියට පිටින් කුලියට මිනිමරුවත් අත්අඩංගුවට ගත නොහැක්කේ ඔවුන් රණවිරුවන් බැවිනි.
මේ න්‍යාය මෙන් ම තමා අමාත්‍යධුරය දැරූ කාලයේ නිවාස අැමති ලෙස කප්පරක් ගසා කා ඇති වුවත්, ඥාති සංග්‍රහ කර ඇති වුවත්, ජනතා මුදලින් පක්ෂයේ නිකමුන්ට පඩි ගෙවා ඇති වුවත් ඒවා දේශප්‍රේමිත්වය අනුව අවුලක් නැති ය. වෙන අයෙක් මෙලෙස කර ඇතැයි කිවුවා නම් ඔහුගේ කටකමසරියාව බලාගන්නට තිබුණි.
හරිත කැදැල්ල නමින් හඳුන්වා මත්තේගොඩ කහතුඩුව ප්‍රදේශයේ ඉදිරකරන ලද සුඛෝපභෝගී නිවාස ලබා දී තිබෙන්නේ වීරවංශ ඥාතින්ට ය. රුපියල් කෝටියක් වටිනා එක් නිවසක වීරවංශගේ මස්සිනා වන ඩබ්. හේමසිරි යන අයට ලක්ෂ 10ක මුදලකට ලබා දී ඇත. ආනන්ද ප්‍රියදර්ශන, ජී.ඩබ්. රූපසිංහ යන අයට ද කෝටියක පමණ වටිනා නිවෙස් ලබා දී ඇත්තේ ඉතා අඩු මුදලට ය. විමල් වීරවංශ දේශප්‍රේමියාගේ සොයුරියකගේ දරුවාට ලක්ෂ 78ක නිවසක් රුපියල් අසූදාහකට ලබා දී ඇත. තවත් නිවසක් ශිරන්ති රාජපක්ෂගේ මාධ්‍ය ලේකම්වරයාට ලබා දී ඇත. මාලිගාවත්ත නිවාස යෝජනා ක්‍රමයේ රුපියල් කෝටියක පමණ නිවෙසක් අනූෂා නිරෝෂණී නානායක්කාර නැමැත්තියට ලබා දී ඇත.
මේ විමල් වීරවංශගේ දේශප්‍රේමිත්වයේ නොව ඥාතිප්‍රේමිත්වයේ හෙලිදරව් වුණු තරම යි!