විමල්ට තුම්මුල්ලෙන් ප්‍රශ්නයක්!
- RSL
- March 18, 2016
- දේශපාලන, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka Political
- 0 Comments
හිටපු අමාත්‍ය ජා.නි.පෙ. නායක විමල් වීරවංශ ඇතුළු පිරිසක් අද අලුත් කඩේ අධිකරණය වෙත කැඳවා තිබේ. එයට හේතුව තුම්මුල්ල හංදියේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීම බව වාර්තා වෙයි.
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳව මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරටට පැමිණි අවස්ථාවේ එකී කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාවය පැවැත්වීයැ යි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
විමල් වීරවංශ, පියසිරි විජේනායක, රොජර් සෙනවිරත්න, මොහොමඩ් මුසම්මිල්, වීරකුමාර දිසානායක යන අයට විරුද්ධව මෙම චෝදනාව නැගී තිබේ.
අල් හුසේන් කුමරු පැමිණි අවස්ථාවේ පෝස්ටර් ගසමින් විරෝධයක් ගොනු කරන්නට විමල් ඇතුළු පිරිස උත්සාහ කළ ද එය මුල් අවස්ථාවේ දී ම දියාරු වී ගියේ ය.
