කැලෑ කැපූ රිෂාඞ් බදියුදීන්ගෙන් ජනාධිපති කොමිසම ප්‍රශ්න කරයි
- RSL
- September 11, 2017
- පුවත් සහ වාර්තා
- rishad bathiudeen
- 0 Comments
මන්නාරම, මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැළැ එළි කරමින් ජනතාව නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභාව ඊයේ(10) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගෙන් සාක්ෂි විමසීය.
හිටපු පරිපාලන නිලධාරි එස්.ඩි.ඒ.බොරලැස්ස ගේ ප‍්‍රධානත්වයෙන් සාමාජිකයින් සිව් දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කොමිෂන් සභාව මන්නාරම මුසලි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මෙම සාක්ෂි ලබා ගැනීම සිදුකර ඇත.
මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව නැවත පදිංචි කිරීමේදි විල්පත්තු රක්ෂිත සීමාවේ ඉඩම් එළි කොට ජනතාව නැවත පදිංචි කොට ඇති බවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට චෝදනා එල්ල විණ.

