මහින්ද පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තායැ’යි කියන්න ඇයි දැන් ඇඹරෙන්නේ

Spread the love

මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම රටම දුටු බවත් එය සැගවිය හැකි දෙයක් නොවන බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පවසයි.

එදා ප‍්‍රසිද්ධියේ ආඩම්බරයෙන් කල දේ ගැන අද ඒ ඔවුනගෙන් මාධ්‍ය විමසද්දී දැඩි අපහසුතාවයට පත්වනු දැකිය හැකි බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.

කෙසේ හෝ ඔවුන් නැවතත් ශ‍්‍රීලනිපයේ හා සන්ධානයේ සාමාජිකයන් යයි ප‍්‍රසිද්ධියේ කියන්නට වීම ගැන සතුටට පත් වන්නේ යයිද ඔහු කියා සිටී.

ශ‍්‍රීලනිප ආසන සංවිධායකයන්ගේ හමුව අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ඔක්තොම්බර් 26 වැනිදා පටන් සිදු වූ දේශපාලන කලබගෑනියෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වීම මගහැර සිටි දුමින්ද දිසානායක මාධ්‍ය වෙත පෙනී සිටියේ කලකට පසුය.

එසේම දුමින්ද දිසානායක සමඟින් මහින්ද අමරවීර ‘එජාප-දෙමළ’ සන්ධාන ආණ්ඩුවට එක්වීමට සූදානමක් පවතින බවට පසුගිය දා රාවයක් පැතිරගිය අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිපයෙන් පැන එජාපයට එක්වූ මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබානොදීමට ගත් දැඩි තීරණයත්, ‘එජාප-දෙමළ සන්ධාන’ ආණ්ඩුවේ අනාගතය කෙටිකාලීන සහ අස්ථාවර භාවය නිසාත් මොවුන් එම තීරණයෙන් ඉවත්ව ඇතැයි වාර්තාවේ.

RSL

Related Posts