මහ බැංකු බැඳුම්කර කොල්ලයට සම්බන්ධවූ රනිල් සිංගප්පුරුවෙන් ගෙන්වන ලද අර්ජුන් මහේන්ද්‍රන් කෝ..? (විශේෂ)

Spread the love

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර කොල්ලයේ ප්‍රධාන සැකකරුවකු වන අගමැති රනිල් වික්‍රමසිංහ විසින් විශ්වාසනීයත්වය සහතික කොට ගෙන්වන ලද අතිජාති රාජකීය කල්ලියේ ගජයෙකු වන මහ බැංකුව භාරව සිටි කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පුරුවේ සැඟව කට්ටි පනිමින් සිටින බවට වාර්තාවේ.

රනිල්ගේ අතිජාත මිත්‍රයෙකු වූ විජාතික අර්ජුන් මහේන්ද්‍රන්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස රනිල් විසින් පත්කරන ලද්දේ ජනාධිපතිවරයාගේ විරෝධය නොතකා වන අතර ඔහු පත්කර ගැනීම සඳහා රනිල් විසින් ජනාධිපතිවරයාට දහසකුත් සහතික සමඟින් විශ්වසනීත්වය සහ ඔහුගේ වගකීම භාරගන්නා බවට පවසා ඇත.

එහෙත් ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුව ඇතැයි දැනට අනාවරණය කරගෙන ඇති දැවැන්තම මහබැංකු බැඳුම්කර කොල්ලය වන 2015 පෙබරවාරියේ සිදු වූ ඒ මහා කොල්ලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වන රනිල්ගේ ගජයා මේ වන විට තම වාසභුමිය වන සිංගප්පුරුවට පැනගොස් සැඟව සිටී.

අර්ජුන් මහේන්ද්‍රන්ට පෙබරවාරි 15 වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නිකුත් කළ නියෝගය නොතකා හැර ඇත. කෙසේ වෙතත් මාර්තු 08 වැනි දා හෝ ඊට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට කටඋත්තරයතක් ලබාදෙන ලෙස ඔහුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පසුගියදා (16) නියෝග කළාය.

රටට රුපියල් කෝටි 11,000 කට අධික පාඩුවක් සිදුකරමින් සිදුව ඇති මහ බැංකු බැඳුම්කර කොල්ලයට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන්ගේ අතුරුදහන් වීමත්, අධිකරණයෙන් කට්ටි පැනීමේත් පූර්ණ වගකීම ඔහුගේ ගජයා වන රනිල් විසින් දැරිය යුතු නොවේද?.

RSL

Related Posts