ආණ්ඩුව වැලිකඩ සංහාරය යට ගසමින් සාක්ෂිකරුවන් බිලිදෙනවා

Spread the love

වැලිකඩ අපරාධකරුවන් අල්ලන්නේ නැති ආණ්ඩුව සාක්ෂිකරුවන් මරා දමනතෙක් බලා සිටින බව වැලිකඩ බන්ධනාගාර ගැටුමේ ප්‍රධාන සාක්ෂිකරු සුදේෂ් නන්දිමාල් මහතා පවසයි.

අද(05) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා,

“වැලිකඩ බන්ධනාගාර ඝාතන ගැන මම කියන්න තියන හැම තැනටම කිව්වා. ලියන්න තියෙන හැම පොලිස් පොතේම ලිව්වා. දුසිම් ගණන් ඡායාරූප සාක්කි තියෙනවා. නමුත්, එදා හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මේ අපරාධය යට ගැහුවා.

දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිල්ලට ‘වින්දිතයින් හා සාක්ෂිකරුවන් සුරැකීමේ පොලිස් කොට්ඨාශයට‘ සාක්කි දුන් පසුව වෙඩි තිබ්බා. අවස්ථා 3 ක දී පැහැරගෙන යාමට තැත් කළා. දුරකථනයෙන් තර්ජනය කළා. බැරිම තැන මම අභියාචනාධිරණයට පෙන්සමක් ඉදිරිපත් කළා. ඒ පෙත්සම සැප්. 12 විභාගයට ගන්නවා. ඊට පෙර මා ඝාතනය කිරීමට වැලිකඩ ඝාතකයින් උත්සහ කරනවා.

මේ අණ්ඩුවට අපරාධකරුවන් අල්ලන්ට බැරි නම් සාක්ෂිකරුවන් රැක ගැනීමේ වගකීමක් තිබෙනවා. නමුත්, ආණ්ඩුව අපරාධකරුවන් අල්ලන්නේ නැතිව සාක්ෂිකරුවන් ඝාතනය කරන තෙක් ලබා සිටිනවා යැයි සුදේශ නන්දිමාල් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

RSL

Related Posts