ජාත්‍යන්තර ගිවිසුම් නැතුව අපිට බෑ – හර්ෂ ද සිල්වා

Spread the love

ජාත්‍යන්තර ගිවිසුම්වලට එළඹීම ප්‍රතික්ෂේප කළහොත් ශ්‍රී ලංකාව ඉදිරියේදී ජාත්‍යන්තරය හමුවේ කොන්වන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂමූලස්ථානයේ ඊයේ(01) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පවසන පරිදි සිංගප්පුරු වෙළද ගිවිසුමෙන් කිසිදු අහිතකර තත්තවයක් සිදු නොවන බවද අමාත්‍යවරයා පැවසීය.

ආසියාණු කාලාපයේ සියළුම රටවල් මෙම ගිවිසුමට සම්බන්ද වන අතර ශ්‍රී ගංකාවට පමණක් එයින් මිදි සිටිය නොහැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම ගිවිසුම් සමඟ සම්බන්ධ නොවුනහොත් ආසියානු කලාපයේ මීළඟ වසර 25 – 30 තුළ ශ්‍රී ලංකාව කොන් වන බවද එයින් කිසිදු දියුණුවක් අපෙක්ෂා කළ නොහැකි බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

සැම කටයුත්තක්ම දේශපාලනීකරණය නොකරණ ලෙස ශ්‍රි ලංකාවද ලෝකයේ රටවල් සමඟ එකතුව කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.