අවුරුදු නවයකින් වාහන දීලා නෑ.. මන්ත‍්‍රීවරුන්ට වාහන අවශ්‍යයි..- එරාන් කියයි

Spread the love

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම සේවය ලබාදීම සඳහා වාහන පහසුකම ලබාදිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කරයි.

එසේ වාහනයක් ලබා දුන්නොත් මන්ත්‍රීවරුන්ගෙන් සිදුවන ජනතා සේවය වඩා කාර්යක්ෂම වන බවද හෙතෙම පෙන්වා දෙයි.

දැනට වසර නවයක කාලයක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කිසිදු වාහන බලපත්‍රයක් හෝ වාහනයක් ලබා දී නැති බවද ඔහු සඳහන් කරයි.

පළමු වතාවට පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරුන්ට වාහනයක් නොමැති වීම විශාල අපහසුතාවයක් බවට පත්වී තිබෙන බවද හෙතෙම කියා සිටී.

සිරස නාලිකාවේ පැවැති සාකච්ඡාවකදී හෙතෙම අදහස් පළ කර ඇත.

Related Posts