අලුත් කෘෂිකර්ම ඇමති බොරු කයිවාරු නැතිව වෙලට බැස වැඩ පෙන්වයි
- RSL
- May 16, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Mahinda Amaraweera
- 0 Comments
නව කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පසුගියදා පත් වූ මහින්ද අමරවීර මහතා තමන්ට අයත් අඟුණුකොළපැලැස්‌ස යකාගල යාය-15 පිහිටි තම කුඹුරු යාය වස විස නැතිව කාබනික ක්‍රමයට වගාකරමින් පෙරේදා (14) පෙරවරුවේ රටටම මහත් ආදර්ශයක් ලබාදුන්නේය.
වස විස නැති වගා වැඩසටහනේ නිර්මාතෘ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝද මේ අවස්‌ථාවට එක් වූහ.
වස විස නැති රටක් ජාතික වගා වැඩසටහන මගින් මෙම වැපුරුම් මංගල්‍යය සංවිධානය කර තිබූ අතර, මීට දින කිහිපයකට පෙර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමස්‌ත ලංකා වස විස නැති කාබනික ගොවි ජාලයේ 18493 වැනි සාමාජිකයා ලෙසද ලියාපදිංචි විය. අමාත්‍යවරයා රතන හිමි සහ වස විස නැති ගොවිජාලයේ සාමාජිකයින් සමග එක්‌වී පැළ සිටුවීමේ සුභ මොහොතට එක්‌ව සිටි අයුරු ඡායාරූපයේ දැක්‌වේ.

