උතුරු මහඇමති ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවයි!
- RSL
- May 2, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇතැ යි දැනගන්නට ඇත. මැයි මස 12, 13 හා 17 යන දින වලදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි කොට ඇති සෙසු පුද්ගලයන් වන්නේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ සිවඥාණම් සහ උතුරු පළාත් සභාවේ ලේකම් එස්. පද්මනාදන් යන පිරිසයි.
උතුරු පළාත් සභාව විසින් පසුගිය දා ෆෙඩරල් පාලනයක් මෙරට ඇති කළ යුතු යැ යි සම්මත කළ යෝජනාව රටේ ස්වෛරීභාවයට හානියක් සහ ත්‍රස්තවාදයට සහය දීමක් ලෙස දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්ව ඇත. ඒ අනුව මේ පිරිස කැඳවීමට නොතීසි නිකුත් කර තිබේ.
දශක තුනකට අධික කාලයක් පුරා පැවැති යුද්ධයක් අවසානයේ යම් විසඳුමක් සොයා ගත යුතු මොහොතක සිංහල හෝ දෙමළ කිසිදු ජාතිවාදයක් ඇවිස්සීමට කිසිවෙක්ට ඉඩ දිය යුතු නොවේ. ඒ ගැන ඉතා සවිඥානකව පියවර ගත යුතු ය.
