ලංකාව අරාබියක් කරන්න එන්න එපා.. – මහානායක හිමිවරු මුස්ලිම් ඇමතිවරුන්ට සෘජුව වදාරති (වීඩියෝ)

Spread the love

ශ‍්‍රී ලාංකික මුස්ලිම් සංස්කෘතියකට වඩා අරාබි මුස්ලිම් සංස්කෘතිය ඇති කිරීමට පිරිසක් උත්සාහ දරන බවත්, එම පිරිස සමබන්ධ චෝදනා එල්ල වු ඇමතිවරුන් තමන් නිවැරදි නම් ඒ බව රට හමුවේ තහවුරු කල යුතු බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියෝ පවසති.

එහිමියන් මේ බව කියා සිටියේ ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් අස්ගිරි-මල්වතු නාහිමිවරුන් බැහැ දැකීමට එහි ගිය අවස්ථාවේදීය.

කණ්ඩායමක් ලෙස ඉල්ලා අස්වීම ගැන සැලකිය යුතු ලෙස තමන් වහන්සේලා අදහස් පල නොකළ බවද කී නාහිමියන් එය මාධ්‍ය විසින් මතුකර පෙන්වූ බවත් සදහන් කලහ.

මද වේලාවක් පැවති සාකච්ඡාව අවසානයේ හිටපු ඇමතිවරුන් පිරිස අස්ගිරි මහා විහාරයෙන් ඉවත්ව ගිය අතර මාධ්‍ය වෙතද අදහස් පල කිරීම ප‍්‍රතික්ෂේප කළහ.

RSL

Related Posts