ඩොලරයට අපමණ අගයක්!
- RSL
- February 24, 2017
- පුවත් සහ වාර්තා
- news, reports, USA Dollar
- 0 Comments
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (23) රු. 154 ද ඉක්‌මවා ගියේය.
මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ රු. 154.21 ක් දක්‌වා ඉහළ ගියේය.
ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය පෙරේදා (22 දා) රු. 153. 56 ක් විය.
කෙසේ වෙතත් මෙය අපනයනකරුවන්ද සහ විදේශ විනිමය උපයන්නට ඉතා හොඳ තත්වයක් බවත් වාර්තාවේ.