කැලේ මාරුකලාට කොටියගේ පුල්ලි වෙනස් වෙන්නේ නැහැ; සන්ධාන හැදුවට එජාපයේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ
- RSL
- December 24, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Former President Mahinda Rajapaksa, Mahinda Rajapaksa
- 0 Comments
ඉදිරි මැතිවරණයකට නව සන්ධාන හදාගනිමින් එක්සත් ජාතික පක්ෂය කුමන ලෙසකින් තරග වැදුනද ඔවුන්ගේ ප්‍රතිපත්ති වලින් මහජනතාවට සෙතක් සිදුනොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.
ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළකළේය.
කුමන පක්ෂයකින් පැමිණියද එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පක්ෂයම වන බවත් ප්‍රතිපත්ති වෙනස් නොවන බවත් මහින්ද රාජපක්ෂ පැවසීය.
ඔහු පැවසූවේ ජනතාවට පීඩනයක් මිස ඊට වඩා වැඩි දෙයක් එක්සත් ජාතික පක්ෂයෙන් බලාපොරොත්තු විය නොහැකි බවයි.
මෙම අවස්ථාවට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ද එක්වෙමින් අදහස් දැක්වීය.

