රනිල්ගේ නායකත්වය යටතේ සජිත්ට ඡන්දය කරන්න අවස්ථාව දෙනවා – එජාප මහලේකම්
- RSL
- November 12, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- akila viraj kariyawasam, Ranil Wickramasinghe, Sajith Premadasa, United National Party, UNP
- 0 Comments
එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට එලඹෙන මහමැතිවරණය සඳහා නායකත්වය ගෙන කටයුතු කිරීමේ අවස්ථාව ලබාදිය හැකි බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.
අග්‍රාමාත්‍යධුරය අහිමි වූයේ රනිල් වික්‍රමසිංහගේ වරදකින් නොවන නිසා එය ඔහු ලැබූ පරාජයක් නොවන බවත්, පසුගිය මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයක් ලැබූයේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් බව අප අමතක නොකළ යුතු බවත්, එම නිසා වික්‍රමසිංහ මහතාව කිසිලෙසකින් වත් නායත්වයෙන් ඉවත්කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවත් ඔහු අවධාරණය කර සිටී.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රකාශය තහවුරු කරමින් එම පක්ෂයේම ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයෙකු සඳහන් කර සිටියේ,පක්ෂ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා රැඳී සිටිමින් අදාළ සියලු කටයුතු සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ සිදුකිරීමට මේ වන විට සාකච්ඡා කර තිබෙන බවත්, ඒ අනුව ඔහු විසින් මැතිවරණයට අදාළ සියලු කටයුතු සංවිධානය කරනු ඇති බවයි.

