මිනීමරලා පුරුදු අපිට සිරිසේනව එළියට ඇඳලා මරලා දාන එක වැඩක් නොවෙයි – එජාපයේ මන්ත්‍රීමැරයෝ ප්‍රසිද්ධියේ තඟ දමති (Video)
- RSL
- December 3, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා, විමර්ශන
- Former Prime Minister Ranil Wickramasinghe, Harin Fernando, President Maithripala Sirisena, Ranil Wickeramasinghe, United National Party, UNP
- 0 Comments
අගහරුවාදා(04) වන විට එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය ලබාදෙන විසදුමක් නොදුනහොත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනව ජනාධිපති මන්දිරයෙන් එලියට ඇද දමන බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු පවසයි.
එක්සත් ජාතික පක්‍ෂය විසින් ආරම්භ කර ඇති විරෝධතා රථ පෙලපාලිය අමතමින් ඔහු මේ බව පැවසීය.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ජානගත මන්ත්‍රීමැරයින් විවිධ ස්ථානවල ජනාධිපතිවරයාව ලිබියාවේ ගඩාෆි මරා දමා තිබූ අන්දමට මරා දමන බවටත්, බලහත්කාරයෙන් කුදලාගෙන මහ පාරේ ඇඳගෙන ගොස් මරා දමන බවටත් ප්‍රසිද්ධියේ ඝාතන තර්ජන සහ ඒවා සිදුකරන සැලැසුම් හෙළි කොට තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීමැරයින් සිදුකරන මෙම ප්‍රකාශ තුළින් ජනාධිපතිවරයාව එජාපයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඝාතනය කිරීමට සැලසුම් කොට තිබූ බවට සිදුව ඇති අනාවරණය මේ වන විට සත්‍යයක් බවට ඔවුන්ගේම මෙම ප්‍රකාශ ඔස්සේ තහවුරු වෙමින් පවතී.
එක්සත් ජාතික පක්ෂය සහ එහි වත්මන් නායක රනිල් වික්‍රමසිංහ යනු ක්‍රේම්බිජ් අධ්‍යාපනයෙන් එහා ගොස් එලොව(ජාත්‍යන්තරය) සහ පරලොව (මරණින් මතු යනව තැන) යන දෙකම දැන හඳුනාගෙන අත්දැකීම්වලින් පරිපූර්ණ “වදකාගාර පවත්වාගෙන යෑම සහ කළමනාකරණය, මිනී මැරීම” සඳහා අද්විතීය ඉතිහාසයක් පවතින පක්ෂයක ලන්සි පැපොල් වෙස්ගත් අසමච්ජාතී මිනීමරු නායකයෙකි.
මේ එදා රනිල් වික්‍රමසිංහගේ මෙහෙය වීම මත වධකාගාර 46ක් පවත්වාගෙන යමින් මෙරට තරුණ තරුණියන් වධකාගාර තුල රනිල්ට රිසි සේ දෙතිස් වධ දී අමු අමුවේ මරා දැමූ හැටි ඇසින් දුටු ජීවමාන සාක්ෂියකි.

