එක්සත් ජාතික පක්ෂය නගා සිටුවීමේ අමුණින් ගමට සිරිකොත වැඩසටහන හෙට (10) පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ හා පක්ෂයෙ සියලුම මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කලුතරදි ආරම්භ කරන බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.
අද (09) පෙරවරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ගමට සිරිකොත වැඩසටහන පිළිබඳ දැනුවත් කරමින් ඔහු මේ බව පැවසීය.
කළුතර, බුලත්සිංහල, බණ්ඩාරගම, මතුගම, අගලවත්ත, හොරණ සහ බේරුවල යන ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේය.