සජිත්ට සහය දක්වන්න එජාපය හැර ගිය මන්ත්‍රීවරු යළි එක්වෙති

Spread the love

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකත්වය හිමිවීමත් සමඟම එක්සත් ජාතික පක්ෂය හැර ගිය පිරිස් යළි එජාපගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් එම පක්ෂය වෙත පැමිණෙමින් තිබේ. ඒ අනුව මීට මාස කිහිපයට පෙර එක්සත් ජාතික පක්ෂයේ කටයුතුවලින් තමා බැහැරව ගිය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා අද යළිත් සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකිරීම සඳහා එක්විය.

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා අද(28) අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේය.

එමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා තරග කරන්නේ නම් ඔහුට සහය දක්වමින් ජය තහවුරු කිරීම යුතුකමක් බවයි.

RSL

Related Posts