එජාපයට තවත් බලාපොරොත්තු සහගත රැයක් නිමාවෙයි
- RSL
- November 12, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Supreme Court, UNP
- 0 Comments
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපති නියෝගය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද(12) එක්සත් ජාතික පක්ෂය සමඟ එම පක්ෂයේම පාර්වශව කණ්ඩායම් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් ඉදිරිපත් කෙරුණි.
පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන්ට කල් අවශ්‍ය බව නීතිපතිවරයා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය.
මෙය ජනාධිපති විසින් කළ විධානයක් වන හෙයින් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට කල් අවශ්‍ය බව නීතිපති ජයන්ත ජයසූරිය අධිකරණයට දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තුව නියමිත කාලය සම්පූර්ණ වීමට පෙර විසුරුවා හැරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් 13 ක් අගවිනිසුරුවරයා ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මේ වනවිට අධිකරණය හමුවේ සළකා බැලෙන අතර එහිදී නීතිපතිවරයා මේ බව දැනුම් දුන්නේය.

