සජිත් කල්ලියට අත තැබීමට ප්‍රථම රතන හිමි සහ විජේදාසට එරෙහි විනය පරීක්ෂණ ඇරඹෙයි

Spread the love

එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයේ නිරත සජිත් කල්ලියට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රථමයෙන් විනය කඩකිරීමේ චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරළියේ රතන හිමි සහ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතාට එරෙහි විනය පරීක්ෂණ අද(30) ආරම්භ වෙයි.

පූජ්‍ය අතුරළියේ රතන හිමි එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වු අතර විජේදාස රාජපක්ෂ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟකර මන්ත්‍රිවරයෙක් ලෙස තේරී පත් වුණි.

එහෙත් පූජ්‍ය අතුරළියේ රතන හිමි සහ විජේදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂය විවේචනය කරමින් පසුගිය කාලය තුළ කටයුතු කිරීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ විනය කඩකළහොත් දඬුවමක් පැවතිය යුතු බවයි.

RSL

Related Posts