ඔළුවිල් සරසවියේ සමහර ආචාර්යවරු සිසුවියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලයි
- RSL
- June 10, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
ඔළුවිල් විශ්වවිද්‍යාලයේ මුදල් පෞද්ගලික ප්‍රයෝජනයට යොදා ගැනීමේ චෝදනාවට ලක් වූ ආචාර්යවරයකු එක්සත් ජාතික පක්ෂයේ නවක මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සම්බන්ධව තමන් මවිත වන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
විශ්වවිද්‍යාලයේ මුදලින් නිවාස නඩත්තු කිරීම, විදුලි බිල් ගෙවීම ආදී චෝදනා මෙම ආචාර්යවරයාට එල්ල වී ඇති බවත් ඒ ගැන කෝප් කමිටුව විසින් ද පරීක්ෂණ පවත්වන බවත් කී රාජපක්ෂ මහතා ඔහුට එරෙහි විශාල චෝදනා පත්‍රයක් නිකුත් කර තිබෙන බව ද කීවේය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ද මෙම පුද්ගලයාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බව ද කී ඇමැතිවරයා එවන් අයකු නවක මන්ත්‍රීවරයකු ලෙස එජාපයෙන් දිවුරුම් දීම එජාපයේම ඇමැතිවරයකු ලෙස තමන් පුදුම වන බව කීවේය.
ඔළුවිල් විශ්වවිද්‍යාලයේ මහා මාµsයාවක් ක්‍රියාත්මක වන බව ද කී ඇමැතිවරයා විභාග සමත් කිරීම සඳහා ඇතැම් ආචාර්යවරුන් සිසුවියන්ගෙන් දිගින් දිගටම ලිංගික අල්ලස් ඉල්ලා සිටින බව ද කීවේය.
තමන් පසුගියදා ඔළුවිල් විශ්වවිද්‍යාලයේ කළ සංචාරයකදී මේ බව හෙළිදරව් වූ බව ද කී ඇමැතිවරයා ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන බව ද කීවේය.

