කොන්දේසි සහිතව කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකවයෙන් එජාපයේ අපේක්ෂකත්වය සජිත්ට! රවීගේ පක්ෂයෙන් සජිත් ජනපති සටනට!

Spread the love

කොන්දේසි පහකට යටත්ව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව ජනාධිපති අපේක්ෂකයා වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාව නම් කිරීම අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදුවිය.

පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල නියෝජිතයින් පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(26) සවස 3 ට රැස් වූ අතර එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ නාමය ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් යෝජනා කර තිබේ.

එක්සත් ජාතික පෙරමුණ විසින් ජනාධිපති අපේක්ෂකයා තේරීමේ වගකීම එක්සත් ජාතික පක්ෂයට බාර දුන් බවද අගමැතිවරයා මෙහිදී පැවසීය.

බොහෝ දෙනෙකුගේ මතය වුයේ පක්ෂයේ බෙදීමක් ඇති නොවන ලෙස තීරණයක් ගැනීම බවත් කියා සිටි රනිල් වික්‍රමසිංහ මහතා, ප්‍රතිපත්ති අනුව ඉදිරියට යා යුතු බවත් කියා සිටියේය.

ඒ අනුව බහුතර කැමැත්ත වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා බවත් පැවසු අගමැතිවරයා, අනෙක් පක්ෂ සමඟ එකතු වී මැතිවරණය ජයගහණය කරන ආකාරය සාකච්ඡා කළ යුතු බවත් මෙහිදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමින් අගමැතිවරයා පවසා තිබේ.

මේ අනුව සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා අමාත්‍ය රවී කරුණානායක මහතාට අයත් නව ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණෙන් හෙවත් “හංසයා”ගෙන් සන්ධානය ගතව තරඟ බිමට ඉදිරිපත් වීමට නියමිතව ඇත.

මීට අමතරව සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැම්පත් කිරීම හෙට (27) වෙනිදාත්, නාම යෝජනා බාරදීම එළබෙන ඔක්තෝම්බර් 03 වෙනිදාත්, නව ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණේ පළමු රැලිය 09 වෙනිදා ගාලු මුවදොර පිටියේදීත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

RSL

Related Posts