උතුරේ සිට ක්‍රියාත්මක වන නීතිවිරෝධී කේබල් රූපවාහිනි සේවාවන් කිහිපයක් රටේ ජාතික ආරක්ෂාවට දැඩි ලෙස තර්ජනයක් එල්ල කරමින් තිබේන බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.
හිටපු එල්ටීටීඊ නායකයෙකු වූ පොට්ටු අම්මාන්ගේ ඥාති සහෝදරයෙක් වන යාපනයේ තරු හෝටලයක හිමිකාරිත්වය දරණ මෙම කූට ව්‍යාපාරිකයා ඉතාම වංචනීක ව්‍යාපාර රැසක් මෙහෙයවනු ලබන පුද්ගලයෙකු බවද අනාවරණය වි තිබේන නමුත් ඔහු උතුරේ පොලිස් ප්‍රධානින්ට සහ විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාව හෙවත් TRC ලොක්කන් සදහා කප්පම් ලබාදිම හේතුවෙන් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බවද වාර්තා වේ.
මෙම විකාශන ආයතනය විසින් විසුරුවා හරින කේබල් රූපවාහිනි නාලිකාව නරඹන පිරිස දෙලක්ෂ පනස් දහසකට ආසන්න වන අතර අදාළ ආයතනය ඒ සඳහා රජයට විශාල බදු මුදලක් ගෙවිය යුතුය. එහෙත් වංචනික ලෙස සංඛ්‍යා ලේඛන සකසමින් තම පාරිභෝගික පිරිස දහසකට නොවැඩි බව පවසමින් බරපතල බදු වංචාවක් සිදු කරමින් යන අදාළ ආයතනය නීත්‍යනුකූල නොවන අයුරින් විදුලි සංදේශ උපකරණ ආනයනය කොට ක්‍රියාත්මක කිරීම නිසි අවසරයකින් තොරව විකාශන මධ්‍යස්ථාන (ශාඛා) පිහිටුවීම ආදී අකටයුතුකම් රාශියක්ද දිගින් දිගටම සිදු කරමින් ඇත.
එසේම මෙම නිතිවිරෝධි ආකාරයෙ කේබල් රූපවාහිනි ව්‍යාපාරයක් යාපනය දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන බවත් එය නමින් US කේබල් නම් වන බවත් අපට වාර්තා වුණා. ඔහු මේ වෙනුවෙන් අදාළ බලපත්‍ර TRC යෙන් හෝ ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ලබා ගෙන නොමැති බවත් මේ වනවිට අනාවරනය වි අවසන්.
දුෂ්ෂ්යන්දන් මෙම නීතිවිරෝධි කේබල් ව්‍යාපාරය පසුගිය රජය සමයේ සිට පවත්වා ගෙන යන අතර ගිය ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු ද ඒ සහය ලබාදි තිබේ.
TRCය පසුගියදා හදිසී මෙහෙයුමක් උතුරේ කේබල් ටිවි සම්බන්ධයෙන් සිදුකර ඇති අතර එම හදිසි මෙහෙයුමෙන් පසුව ඔවුන් එහි අයිතිකරුට එරෙහිව යාපනය අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.අධිකරණය තුලදි හිමිකරුගේ නීතිඥවරුන්ගේ විරෝධතා හමුවේ TRC හි නිලධාරින් මුනිවත රැකීම පිළිබඳව විශාල සැකයක් එල්ල වන්නේ දැනටම මෙම නීති විරෝධි කේබල් ව්‍යාපාරය පවත්වාගෙන යාමට අවශ්‍ය උදව් ලබා දීම වෙනුවෙන් TRC නිලධාරින් විශාල කප්පම් මුදලක් මාස් පතා ලබා ගන්න නිසා බවයි තහවුරු වි ඇත්තේ.
මෙරට කේබල් රූපවාහිනි විකාශන මධ්‍යස්ථානයක් ඇරඹීමේදී අනුගමනය කළ යුතු නිති රීති පද්ධතියක් පවතී. ඒ අනුව කේබල් රූපවාහිනි සේවාවක් ආරම්භ කිරීම පිණිස එම ව්‍යාපාරය පළමුව සමාගම් මැඳුරේ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කළ යුතුව ඇත. ඉන් අනතුරුව 1982 අංක 06 දරන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පනතේ 31 වන වගන්තිය යටතේ ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යවරයා විසින් 2010/09/03 වන දින නිකුත් කරන ලද අංක 1669/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව බලපත්‍රයක් ලබා ගත යුතුය.
එම ක්‍රියා පටිපාටිය එතෙකින් නතර වන්නේ නැත. අදාළ බලපත්‍රය ලබා ගැනිමට පෙර ආපසු නොගෙවන පදනම මත රුපියල් 100,000/- ක මුදලක් අයදුම්කරු විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ගෙවීම් කළ යුතු අතර ඉන් අනතුරුව අදාළ අවසර පත්‍රය ලබා දීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අත්සන ඊට ඇතුළත් කළ යුතුය.
ඉන් අනතුරුව අදාළ බලපත්‍රය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර 1991 අංක 25 දරන එම කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය අනුව 2006 මාර්තු මස 10 වන දිනැති අංක 1435/20 දරන ගැසට් නිවේදනයට අනුව බලපත්‍රය ලබාගත යුතු අතර අදාළ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඊට අත්සන් තැබිය යුතුය. මෙම බලපත්‍රය ලබා ගන්නා තැනැත්තා විසින් රුපියල් 5,000,000/- ක මුදලක්ද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව වෙත ගෙවිය යුතුව ඇත.
කේබල් මගින් රූපවාහිනි නාලිකා විකාශනය කරනු ලබන ආයතන ඉහත සඳහන් නියමයන් හා කොන්දේසි අනුගමනය කරමින් තම සේවාව පාරිභෝගිකයා වෙත සැපයිය යුතු අතර මෙරට තුළ දැනට ඇත්තේ මේ ආකාරයෙන් ක්‍රියාත්මක කේබල් රූපවාහිනි නාලිකා සංඛ්‍යාව අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ප්‍රමාණයක්ය.