දුම්රිය වර්ජකයින් දොට්ට! කොන්ත්‍රාත් සේවකයින් සේවයට කැඳවයි

Spread the love

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති බැවින් දුම්රිය දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් පදනම මත දැනට සේවය කරන සියලු දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන් හා ස්ථානාධිපතිවරුන් වහාම සේවයට වාර්තා කරන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික්‍රම මහතා නියෝග කර ඇත.

අද(11) දිනයේ එසේ සේවයට වාර්තා නොකරන සියලු දෙනා සේවය හැරගියා සේ සලකා කටයුතු කරන බවද දැනුම් දී තිබේ.

මේ අතර දුම්රිය රියදුරන් සහ දුම්රිය සේවක ඒකාබද්ධ සංධානය ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් මගීන් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අමතර බස් රථ 1750ක් යොදවා ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

දෛනිකව ලංගම බස්රථ 5700ක් සේවයේ යොදවන අතර වර්ජනය හේතුවෙන් අමතර බස් රථ 1000ක් ද පාසල් නිවාඩුව නිසා පාසල් සේවා බස් රථ 750ක් දුර ගමන් සේවා සඳහා ද යොදවනු ලැබ තිබේ.

RSL

Related Posts