දින 11ක වර්ජනයෙන් මිලියන 110ක ඉතිරියක්

Spread the love

දින එකොළහක් තිස්සේ පැවැති දුම්රිය වර්ජනය හේතුවෙන් ඊයේ දිනය වනවිට රුපියල් මිලියන එකසිය දහයක (110) මුදලක් රජයට ඉතිරී වී ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු පැවසුවේය.ගණන් බලා ඇති ආකාරයට දුම්රිය ප්‍රවේශපත්‍ර අලෙවියෙන් දිනකට දුම්රිය දෙපාර්තුමේන්තුව රුපියල් මිලියන 18 ක් පමණ උපයා ගනී .එසේ උපයා ගන්නේද දුම්රිය ධාවනය වනවානම් පමණකි. දුම්රියක් ධාවනය සඳහා අති විශාල පිරිවැයක් යනු ඇත. මෙම මුදලින් සේවක පඩිනඩි ගෙවීමට සිදුවේ.

දැනට ඇති සංඛ්‍යාලේඛන අනුව රියැදුරකු, දුම්රිය ස්ථානධිපති වරයකු, දුම්රිය පාලකවරයකු සහ දුම්රිය නියාමකවරයකු මසකට රුපියල් ලක්ෂ තුනකට වඩා වැඩි වැටුපක් ලබා ගනී. ඒ අනුව ඔහුගේ මුලික වැටුපට අමතරව ලක්ෂ දෙකකට වැඩියෙන් සැම කෙනෙකුම අතිකාලවල නිරතවන බව නොරහසකි.

වර්ජනයේ නිරත තුන්දහසක් දිනකට රුපියල් අටදහසක අතිකාල හා ගමන් වියදම් සඳහා ලබාදෙනු ඇත.ඒ අනුව බලන කළ ඔවුන් සඳහා දිනකට මිලියන විස්සක පමණ මුදලක් ලබාදීමට සිදුවන බව පෙනේ. ලැබී ඇති තොරතුරු අනුව අතිකාල සහ ගමන් වියදම් දීමනා සඳහා ලබාදෙන මිලියන පහලොවක පමණ මුදලක් ඉතිරිවනු ඇත. මේ ආකාරයට ගත් විට දුම්රිය වර්ජනය හේතුවෙන් දිනකට මිලියන දහයක පමණ මුදලක් රජයට ඉතිරිවනු ඇත.

වර්ජනය පටන් ගෙන පසුගිය මස 25 වැනි දින සිට අද දිනය වනවිට දින 11 ක් සපුරා තිබේ. දුම්රිය යනු සහනාධාර මත සිදුවන සේවයක් නිසා මහජනතාවට සිදුවන පාඩුව කෙසේ වෙතත් අතිකාල නොදීමෙන් , දුම්රිය සදහා ඉන්ධන නොයෙදවීමෙන් හා ඒ පිළිබද කාර්යමණ්ඩල අක්‍රීය කිරීමෙන් මේ වනවිට වර්ජනය කල සංඛ්‍යාවෙන් පමණක් රජයට රුපියල් මිලියන එකසිය දහයක ඉතිරියක් අදාළ කාලසීමාව තුල හිමිවී ඇතැයිද අදාළ නිලධාරියා වැඩි දුරටත් පැවසුවේය.

RSL

Related Posts