අලි අලි මරණවල විස්මිත ඉහළ යාමක් – නව දත්ත මෙන්න

Spread the love

මිනිසුන් සහ වනජීවීන් අතර උග්‍රවන ගැටුම් පිළිබිඹු කරමින් ශ්‍රී ලංකාව පසුගිය මාස පහ තුළ අලි මරණ 150ක් වාර්තා වී තිබෙන බව වනජීවී දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.

වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලට අනුව වෙඩි තැබීම්වලින් 28ක්, විදුලිසැර වැදීමෙන් 2 ක්, හක්ක පටස් හේතුවෙන් අලි මරණ 13 ක්, විෂ ශරීරගත වීමෙන් 2ක්, දුම්රිය අනතුරුවලින් 3ක්, මාර්ග අනතුරකින් එක් මරණයක්, දියේ ගිලීමෙන් 7ක්, සහ වෙනත් අනතුරු වලින් අලි මරණ 4ක් වාර්තා වී තිබෙන අතර අනෙකුත් මරණ ස්වභාවික හේතූන් හෝ හඳුනා ගැනීමට නොහැකි වූ වෙනත් හේතුන් නිසා සිදුව තිබේ.

මෙසේ මියගිය අලි ඇතුන්ගෙන් බහුතරය තරුණ අලි ඇතුන් බව ද වාර්තාවේ.

අලි – මිනිස් ගැටුමෙන් මේ වසරේ මේ දක්වා මිනිස් ජීවිත 45ක් අහිමි වී තිබේ.

වනජීවී දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛනවලට අනුව 2023 දී අලි – මිනිස් ගැටුම ඇතුළු විවිධ හේතූන් මත අලි ඇතුන් 488ක් මිය ගොස් ඇති අතර ගැටුම හේතුවෙන් මිනිස් මරණ 184 ක් සෘජුවම සිදු විය.

Related Posts