පෙරළියක ඇරඹුම අද කැබිනට්ටුවෙන් ඇරඹෙයි (Exclusive)

Spread the love

යහපාලන සම්මුතිවාදී ආණ්ඩුවේ සංහිඳියාව බිඳදමමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට නින්දා-අපහාස කිරීම සම්බන්ධයෙන් අද(16) පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා තදින් ක්‍රියාකර ඇතැයි වාර්තාවේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකයත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් දිගින් දිගටම වත්මන් රජයේත් කැබිනට්ටුවේත් ප්‍රධානියා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සැලසුම් සහගතව මඩ ප්‍රචාර සිදුකරමින් අපහාස කරමින් කරගෙන යන වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විවේචනයට ලක්කර ඇති අතර ඒ පිළිබඳව තම අප්‍රසාදය සහ පිළිකුල ප්‍රකාශකොට ඇත.

එසේ අප්‍රසාදය පළ කල ජනාධිපතිවරයා කැබිනට් රැස්වීම අතරතුර ජනාධිපතිවරයා කැබිනට්ටුවෙන් නැඟිට ගොස් ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයේ ප්‍රබලයින් ජනාධිපතිවරයා හමුවට ගොස් තම ඇබිත්තයින් වෙනුවෙන් සමාව ඉල්ලීමෙන් අනතුරුව ජනාධිපතිවරයා යළි කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වී ඇත.

ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා යම් දුෂණයක් වංචාවක් සම්බන්ධයෙන් සොයා බැලීමට අපක්ෂපාතීව කටයුතු කළවිට එය ආණ්ඩුවේ පාර්ශවකරුවකු වන එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය යටතේ සිටින කෝඩුකාර මන්ත්‍රීවරුන් ඉතා පහත් ලෙස තමන්ගේ ප්‍රධානියාට අපහාස කිරීම සදාචාර විරෝධී නින්දිත ක්‍රියාවකි.

කෙසේ වෙතත් අද(16) සිදු වූ මෙම සිදුවීමත් සමඟ වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමන් පථයේ ඉරිතැලීමක් සිදු වූ බව මේ වන විට අප වෙත ලැබෙන අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ. මහබැංකු බැඳුම්කර කොල්ලයට අදාළ බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවත් සමඟ වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවා වන එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නැඟී ඇති වංචා-දූෂණ මතින් “හොරා” යන අන්වථ නාමය පටබැඳීමත් සමඟ එය වත්මන් රජයට විශාල කළු පැල්ලමක් එක්කොට ඇත.

ආණ්ඩුවේ එක් පාර්ශවයක් විසින් සැලසුම් සහගතව සිදුකොට ඇති දැවැන්ත හොරකමක් හේතුවෙන් 2015 ජනවාරි 08 යහපාලනයක් වෙනුවෙන් කැප වූ 62 ලක්ෂයක ජනතාවගේ සහ පොදු මහජනතාවගේ විශ්වාසය දැඩි ලෙස පළුදු වී ඇත.

කෙසේ වෙතත් අද දින කැබිනට්ටුවේ සිදු වූ මෙම සිදු වීමත් සමඟම මැතිවරණයට පෙර හෝ පසු ආණ්ඩුවේ තීරණාත්මක දේශපාලන වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකි බව දේශපාලන විශ්ලේෂකයින්ගේ මතයි.

RSL

Related Posts