තව්ජිද් ජමාත් ත්‍රස්තවාදීන්ගේ බෝම්බ කම්හලේ සේවයින්ගේ විමර්ශන TIDයට

Spread the love

ඇප මත මුදා හැරුණු පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සේවකයින් 8 දෙනාට හෙට සිට ලබන මස පළමුවනදා තෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ ප්‍රකාශ ලබාදෙන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

පසුගිය 6 වනදා ඇප මත මුදා හැරුණු අදාළ සැකකරුවන් ඊයේ(27) අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණි.

ඒ අනුව ඔවුන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් අදාළ නියෝගය නිකුත් කල බව අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අධිකරණය හමුවේ දැනුම්දුන්නේ පොලිස්පතිවරයාගේ නියෝගය අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන එම කොට්ඨාශය විසින් සිදුකරන බවයි.

මෙතෙක් අනාවරණය කර ගත් කරුණු අනුව සිද්ධියේ දසවන සැකකරු වන කරුප්පයියා රජේන්ද්‍රන් නමැත්තාට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පියවර ගන්නා බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබේ.

සෙසු සැකකරුවන් ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට තොරතුරු අනාවරනය වි ඇතත් එය තහවුරු කර ගැනීම සදහා ඔවුන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැදවා ප්‍රකාශ ලබා ගන්නා අතර ඔවුන්ට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගන්නා බව එම කොට්ඨාශය සදහන් කළ බවයි වාර්තාවන්නේ.

RSL

Related Posts