2020 ජනපතිවරණ, මහමැතිවරණ ජය මහින්දට! The economist සමීක්ෂණ වාර්තාව මෙවර යථාර්තයක් වේද..?
- RSL
- September 16, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, මතවාද, විශේෂාංග
- Former President Mahinda Rajapaksa, Joint Opposition, Mahinda Rajapaksa, Sri Lanka Political, The economist
- 0 Comments
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙනු ලබන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2020 ජනාධිපතිවරණය ජයගන්නා බව ඉකොනොමිස්ට් ඉන්ටලිජන්ට්ස් යුනිට් සමාගම විසින් නිකුත් කළ සමීක්ෂණ වාර්තාවකින් දක්වා තිබේ.
එම සමීක්ෂණ වාර්තාව දක්වන ආකාරයට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ යම් බලවේගයක් තිබුනද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම නිසා එම බලය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව සඳහන් වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම මත එම පක්ෂයෙන් ඉවත් වන මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක් වී ආණ්ඩු විරෝධී බලවේගයක් නිර්මාණය කිරීමට ඔවුන් උත්සහ දරනු ඇති බවද එම වාර්තාවේ දැක්වෙයි.
වත්මන් ආණ්ඩුව 2020 වසර දක්වා බලයේ රැඳී සිටිනු ඇති බවත් නමුත් වත්මන් ආණ්ඩුවේ පාර්ලිමේන්තුව තුළ ඇති දුර්වල පාලනය ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කිරීමට බාධාවක් වී ඇති බවද එම වාර්තාවේ දක්වා තිබේ.
2020 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගනිමින් ජයග්‍රහණය කරන බවත් පෙබරවාරි මාසය තුළ පැවති පළාත් පාලන මැතිවරණ ප්‍රතිථල තුළින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනප්‍රිය භාවය සහ ජනතාව තුළ ඇති දැඩි ආණ්ඩු විරෝධී ආකල්පය බවද එම වාර්තාව මඟින් පෙන්වා දී තිබේ.
වත්මන් ආණ්ඩුව නිර්මාණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ඇති ගැටීම සහ ජතික ප්‍රතිපත්ති සෑදීමේ අකාර්යක්ෂම තාව මත එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැවත ජනතා විශ්වාසය දිනා ගැනීම අපහසු වනු ඇති බව එම වාර්තාවේ දක්වා ඇත.
පසුගිය ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ ආකාරයෙන් නව ව්‍යවස්ථාව නිර්මාණය නොකළ හොත් 2020 ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දෙවැනි වරටද තරඟ කරනු ඇති එම වාර්තාව මඟින් පෙන්වා දී ඇත.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමේ අවස්ථාවක් නොමැති වුවද අග්‍රාමාත්‍යවරයා බවට පත්වීමේ අවස්ථාවක් ඇති බවත් හිටපු ජනාධිපතිවරයාගේ ළඟම හිතවතෙකු හෝ ඥාතියෙකු 2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනු ඇති බව එම සමීක්ෂණ වාර්තාව මඟින් පෙන්වා දී තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කඳවුර දේශපාලනික වශයෙන් බලවේගයක් බවට පත්වෙමින් සිටින බවත් පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වඩා ජයග්‍රහණය කළේ සුළු ඡන්ද ප්‍රතිශතයකින් නිසා පාක්ෂිකයන්ගේ කුඩා වෙනසකින් හිටපු ජනාධිපතිවරයාගේ අපේක්ෂයකයාට ජය ගැනීමේ හැකියාව පවතින බව එම සමීක්ෂණ වාර්තාව මඟින් වැඩිදුරටත් දක්වා තිබේ.

