තාජුඩීන් ඝාතකයින් මෙවරවත් අත්අඩංගුවට පත්වෙයි ද?
- RSL
- April 23, 2016
- පුවත් සහ වාර්තා
- news, reports, Thajudeen
- 0 Comments
වසීම් තාජුඩීන් ඝාතන පරික්ෂණ ගැන ප්‍රවෘත්ති ලියා අපට දැන් ඇතිවන මට්ටමට ඇවිත් තිබේ. තවමත් ඒ සම්බන්ධ තෝර-මෝරු අත්අඩංගුවට පත් ව නැති අතර පොලිස් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ ප්‍රකාශ අනුව චිත්‍රය පැහැදිලි වෙමින් තිබෙන බව වාර්තා වෙයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද පරික්ෂණවලදී මෙම හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ ඇත. අදාළ ඝාතනය සම්බන්ධයෙන් තමා එය මුල සිට ම ඝාතනයක් ලෙස දැනගත්තත් ඉහළ නිලධාරින්ගේ නියෝග මත පරික්ෂණ යටගසන්නට සිදු වූ බව ඔහු කියා ඇතැ යි දැනගන්නට ඇත.
කොයි හැටි වෙතත්, මේ සම්බන්ධ ව පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් කිහිප දෙනෙක් ම අත්අඩංගුවට ගැනීමට නියමිත බව කියවෙතත් එය සිදුවන තුරු විශ්වාසයක් නැති බව සටහන් කර තබමු.
