පැය 25කට එහා ගිය කරන්නාගොඩගේ ප්‍රකාශ නීතිපති අවධානයට

තරුණයන් 11 දෙනකු පැහැරගෙන අතුරුදන් කිරීමක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අදාළ ගොනුව ඉදිරි නීති කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතය. කරන්නාගොඩ මහතාගෙන් දින 5කදී පැය 25කට අධික කාලයක් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. තරුණයන් 11 දෙනා පැහැරගැනීම ගැන නාවික හමුදාපතිවරයාව සිටි සමයේ …

Continue Reading

තරුණයන් 11දෙනකු පැහැරගත් ආකාරය ගැන කරන්නාගොඩගෙන් CIDයට පැය 8ක ප්‍රකාශයක්!

තරුණයන් 11දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර, ඔහුගෙන් පැය අටක පමණ කාලයක ප්‍රකාශ සටහන් කරගෙන ඇත. උසස් අධ්‍යාපනය ලබන සිසුන් 5දෙනෙක් ඇතුළු තරුණයන් 11ක් 2008 සහ 2009 කාල වකවානුවේ දී පැහැරගෙන පවුලේ ඥාතීන්ගෙන් කප්පම් ගෙන අතුරුදන් කිරීම සම්බන්ධයෙන් කරන විමර්ශනයකට අදාළව හිටපු නාවික හමුදාපති …

Continue Reading

කරන්නාගොඩ අත්අඩංගුවට නොගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම හෝ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) නියෝග නිකුත් කර තිබේ. තරුණයින් 11 දෙනෙකු නාවික හමුදා නිලධාරීන් විසින් පැහැර ගැනීමේ සිද්ධියට අදාළව ලැබුණු ව්‍යාජ පැමිණිල්ලක් මත තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි කියමින් වසන්ත කරන්නාගොඩ ගොනු කළ මූලික පෙත්සම් විභාගය අද අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලදී. බුවනෙක …

Continue Reading