මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුමෙන් විදේශිකයින්ට ඉඩම් විකුණන්නේ නැහැ – අගමැති කාර්යාලය කියයි (වීඩියෝ)

පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැසට් කරනු ලැබ ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී පසුගියදා (09) පැවති මාධ්‍ය හමුවක දී පැවසීයැයි මාධ්‍ය විසින් වාර්තා කොට තිබිණි. එම පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් වූ අවස්ථාවේ …

Continue Reading

ජනාධිපති අපේක්ෂකයෙකු වෙන්න අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළවත් තිබිය යුතුයි

“වැඩිකල් යන්නට මත්තෙන් මේ රටේ ජනාධිපතිවරණයක් පවත්වනවා. ඒ තුළින් මේ රටේ ඉදිරි අනාගතය කුමන ආකාරයෙන්ද වෙනස් වන්නේ කියන එක තීරණය වනවා. අපි අදුරේ අතපත ගාන්නේ නැතිව, දක්ෂයට සුදුසු තැන දීලා, හැකියාවට තැන දීලා, මේ රට දියුණුවේ මාවතට ගෙනයන්න අවස්ථාවක් උදාකරගත යුතුයි. අප රට ගැන ඉදිරියට හිතනවානම්, රට ඉදිරියට ගෙනයනවානම්, ආයතනයක් තුළ වගේම රටේ දේශපාලනය තුළ, දේශපාලන පක්ෂ තුළ විනයක් ඇති …

Continue Reading

මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ හෙලුව හෙළිවේ! එපා කියූ ඇමතිකම් යළි හොරෙන්ම අරගනී (වීඩියෝ)

පසුගිය දිනෙක මාධ්‍ය හමු සංදර්ශන පවත්වමින් දෙස් විදෙස් රටවලට පවා අණබෙර ගසමින් සිය අමාත්‍යධුරවලින් ඉල්ලා අස් වූ වත්මන් ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන් එකා දෙදෙනා යළි හොර රහසේම සිය අමාත්‍යධුර ලබාගනිමින් දිවුරුම් දීමට පටන් ගෙන ඇත. මෙලෙස සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වු මන්ත්‍රිවරුන් දෙදෙනෙක් අද(19) යළිත් ජනාධිපතිවරයා ඉදිරියේ සිය අමාත්‍යධූරවල දිවුරුම් දෙනු ලැබීය. එලෙස දිවුරුම් දෙනු ලැබුවේ, කබීර් හෂීම් හා එම්.එච්.ඒ.හලීම් යන මහත්වරුන්. …

Continue Reading

වංචා-දූෂණ චෝදනා මත එජාප මහලේකම් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්!

පාසැල් සිසු දරුවන් වෙනුවෙන් හඳුන්වා දෙන ලද සුරක්ෂා රක්ෂණය හරහා අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් විශාල  කොමිස් මුදලක් ලබාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ අද 24 හෙලි කළේය. ඔහු මේ බව ප්‍රකාශ කලේ සුරක්ෂා ව්‍යාපෘතියේදී සිදුව ඇති බව කියන වංචා දූෂණ ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි. ආයතන සංග්‍රහය සහ මූල්‍ය චක්‍ර ලේඛ  උල්ලංඝනය කරමින්  රක්ෂණ -ප්‍රතිරක්ෂණ …

Continue Reading

රට වෙනුවෙන් එජාපයෙන් ජනපති වෙත ලිඛිත ඉල්ලීමක්

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙසට ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් ලබාදීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා පවසයි. අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය ධූරයක් …

Continue Reading

කථානායක කරුට මෙන්ම ඉදිරියට එන සජිත්ගේ නායකත්වයටත් සුබපතා මල්වතු පාර්ශවයෙන් ගෞරව සම්මානයක්!

පසුගියදා කථානායක කරු ජයසුරිය මහතාට මල්වතු කාරක සංඝ සභාවේ හා මහ නායක හිමිවරුන් ගේ ඒකමතික නිර්දේශය මත කෙනෙකුට ලැබිය හැකි අති සුවිශිෂ්ටතම ගෞරව සම්මාන නාමය වන “ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී” ගෞරව සම්මානයෙන් පුද දෙන ලදි. එය මහනායක හිමිවරුන් විසින් දැනට ලබාදෙන ඉතාම විරල ඉහළම ගෞරව සම්මානය බවට ද ඒ සඳහා නිර්දේශ වීම එතරම් අසීරු කරුණක් බව බෞද්ධ ආචාර්යවරු හා විද්වත් …

Continue Reading

ආර්ථිකය ගොඩගන්න කාන්තා දායකත්වය අත්‍යාවශ්‍ය මොහොතක්

රටේ බහුතරයක් වන කාන්තාවන් දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් සෑම අංශයකින්ම බලගැන්වීම සඳහා වත්මන් රජය මේ වන විට පියවර රැසක් ගෙන තිබෙන බවත්, කාන්තා දායකත්වය නොමැතිව රටේ ආර්ථිකය දියුණු කළ නොහැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) අරලියගහ මන්දිරයේ පැවැති කාන්තා උත්සවයක් අමතමින් පැවසීය. ප්‍රාදේශීය සභා මට්ටමින් කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය එදා පියවර ගත් අවස්ථාවේ …

Continue Reading

Exclusive: සියල්ල උඩුයටිකුරු කරමින් රනිල්ගේ ආශිර්වාදයෙන් මෛත්‍රී ජනපති සටනට

පුරා දශක දෙක හමාරක කාලයක් එක්සත් ජාතික පක්ෂයට අඛණ්ඩව නායකත්වයෙන් දෙමින් ඒ වසර 25 ක කාලය තුල අවස්ථා දෙකකදී වසර 6 ක කාලයක් අගමැතිධුරයක් සමඟින් ආණ්ඩුකර ඇති එජාපයේ අසහාය නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්ව ඉනිමේ තිස්වසර සම්පූර්ණ කිරීමට ප්‍රථමව ඇති මීලඟ කඩ ඉමට පැමිණ ඇත. එනම් රනිල් වික්‍රමසිංහ තවත් පස්වසර නායකත්වය රැකගෙන නිරුපද්‍රිතව සිටීමට නම් ඔහු තවත් ජනාධිපතිවරණයක් පන්නා ගත …

Continue Reading

“ගමට සිරිකොත” හෙට කළුතරට..

එක්සත් ජාතික පක්ෂය නගා සිටුවීමේ අමුණින් ගමට සිරිකොත වැඩසටහන හෙට (10) පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ හා පක්ෂයෙ සියලුම මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කලුතරදි ආරම්භ කරන බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. අද (09) පෙරවරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ගමට සිරිකොත වැඩසටහන පිළිබඳ දැනුවත් කරමින් ඔහු මේ බව පැවසීය. කළුතර, බුලත්සිංහල, බණ්ඩාරගම, මතුගම, අගලවත්ත, හොරණ සහ බේරුවල …

Continue Reading

බොහෝ දුරට ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණයක් එන්න පුළුවන්! මංගලම කියයි

ඇතැම් විට ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැමිණීමට හැකියාවක් ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊයේ (07) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. මේ වසරේ (2019) ඔක්තෝබර මාසේ අවසන් වනවිට ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් වෙන්න ඕන. ඒ වගේම ඊට පෙර හෝ පසුව මහ මැතිවරණයක් තියන්නට සමහර වෙලාවට හැකියාව තියෙන බව ද ඇමැති මංගල සමරවීර අවධාරණය කළේය. මේ අයවැයේ පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරන …

Continue Reading