ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක්දින තරගාවලියේ පෙරමුණ ගනිති

ලබන වසරේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකටම ඉතාමත් තීරණාත්මක තරගාවලියක් ලෙසින් අද (15 දා) හම්බන්තොටදී ආරම්භ වුණු පළමු එක්දින තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය 1-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. ලකුණු 195 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමේදී නිලක්ෂි ද සිල්වාගේ පිත්තෙන් එල්ල වුණු …

Continue Reading

ඇමෙරිකාවේ තණතීරුවල තත්ත්වය ගැන නුවන් තුෂාර කළ හෙළිදරව්ව

අමෙරිකාවේ තණතිලිවල පිතිකරුවන්ට පහරදීමට අමාරු බවත්, බලාපොරොත්තු නොවන ආකාරයෙන් පන්දුව පහළින් එන අතර, ඇතැම් විට නොසිත පරිදි ඉපිලීමක් ඇතැයි ශ්‍රී ලංකා වේග පන්දු යවන නුවන් තුෂාර පැවැසීය. අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේදී අද (8) පැවැති ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී නුවන් තුෂාර මේ බව පැවැසීය. විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඩී’ කාණ්ඩයෙන් තරග කළ …

Continue Reading

රනින් රන් අස්වැන්නට සුබ පතමු!

12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ නොමැකෙන ලෙස සටහන් තබමින් රන් පදක්කම් විශාල ගණනක් දිනාගන්නටත්, සමස්ත පදක්කම් සංඛ්‍යාව අතින් සියලු රටවල් අතරින් දෙවැනි ස්ථානයේ සිටින්නටත් ශ්‍රී ලංකාව සමත් වී තිබේ. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක ක්‍රීඩකයෙක් දිනාගත් වැඩි ම රන් පදක්කම් ප්‍රමාණය දිනාගන්නට මැතිව් අබේසිංහ ක්‍රීඩකයා සමත් වූයේ රන් පදක්කම් 7ක් දිනාගනිමිනි. හිමාෂ සහ රුමේෂිකා දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව …

Continue Reading