මෙන්ඩිස් – වෙල්ලාලගේ – ලියනගේ ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 272 ක ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායමේ ජෝ රූට් සහ බෙන් ඩකට් දෙදෙනාම ලකුණු 60 ඉක්මවා ලබා ගනිමින් හොඳ ස්ථාවරත්වයක් ලබා දුන්නද 28 වැනි පන්දුවාරයේදී යළි තරගයට පිළිපන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ 40 වැනි පන්දුවාරය තෙක් වූ කාල සීමාවේදී කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වීම නිසා සත්කාරක ශ්‍රී ලංකාව හමුවේ …

Continue Reading

ICC T20 ලෝක කුසලාන කුසලාන සංචාරය ඇරඹෙයි

2026 දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව සත්කාරකත්වය දරන ICC T20 ලෝක කුසලාන කුසලානය ප්‍රදර්ශනය කරන නිල සංචාරය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් ආරම්භ කරන ලදී.

Continue Reading

එංගලන්තයට එරෙහි සටනට ධනංජයට කැඳවීම්

එංගලන්තයට එරෙහිව හෙට (ජනවාරි 22 වැනිදා) ආරම්භ වීමට තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වාව එක් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ධනංජය ට අමතරව තුන් ඉරියව් ක්‍රීඩකයින් වන දඟ පන්දු යවන දුනිත් වෙල්ලාලගේ සහ වේග පන්දු යවන මිලාන් …

Continue Reading

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ නිල අනුග්‍රාහකයා ලෙස IFS

කෘතිම බුද්ධිය (AI) මෘදුකාංග සපයන ලොව ප්‍රමුඛතම සැපයුම්කාර ආයතනයක් වන IFS ආයතනය ලබන මසදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අයි.සී.සී. පන්දුවාර විස්සයි-20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙස ඉදිරිපත්ව සිටියි. දෙපාර්ශ්වය අතර ඇති කරගත් හවුල්කාරීත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (19 දා) නිවේදනය කළේය. මෙම හවුල්කාරිත්වය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා IFS …

Continue Reading

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් ටිකට් අළෙවිය ඇරඹෙයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ 2026 ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය නැරඹීම සදහා වන ප්‍රවේශපත්‍ර දැන් www.srilankacricket.lk වෙබ් අඩවිය හරහා මිලදී ගැනීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කොට තිබේ. අදාළ තරග සංචාරය යටතේ ප්‍රථමයෙන්ම තරග 3 කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරග 3 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අනතුරුව තරග …

Continue Reading

LPL හයවැන්නේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම මාර්තු 22 දා

ජාත්‍යන්තර සන්නාමයක් හිමි ශ්‍රී ලංකාවේ  ප්‍රමුතම දේශීය පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හයවැන්න හෙවත් 2026 අදියරහි ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීම (Player Draft) ලබන මාර්තු මස 22 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ. අදාළ කෙටුම්පත් කිරීමේදී ශ්‍රී ලාංකික මෙන්ම විදේශීය ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදු කෙරේ. දේශීය දක්ෂතාට අමතරව, ලෝක ක්‍රිකට් වේදිකාවේ නාමය …

Continue Reading

බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 දා) පස්වරුවේදී තරගය නිමා කරන විට කඩුලු 3 කට ලකුණු 177 ක් ලබා සමස්ථ තරගයේදී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 187 කින් පෙරමුණට පැමිණිමට සමත්විය. තරගය නිමා කරන විට පළමු ඉනිමේදී ශතක ලාභීන් දෙදෙනා …

Continue Reading

ගිනස් වාර්තා පොතට ගිය ලොව ලාබාලතම ‘ටයිකොන්ඩෝ උපදේශකවරිය’ මෙන්න !

තමිල්නාඩුවේ මදුරෙයිහි 7 හැවිරිදි සම්යුක්තා නාරායනන් ‘ලොව ලාබාලතම ටයිකොන්ඩෝ උපදේශිකාව’ බවට පත්වෙමින් ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. තමිල්නාඩුවේ මදුරෙයිහි පදිංචි හත් හැවිරිදි සම්‍යුක්තා නාරායනන් නම් දැරිය ලොව ලාබාලතම ටයිකොන්ඩෝ උපදේශිකාව බවට පත්වෙමින් ඉතිහාසයට එක්වී තිබේ. එසේම ඇය “මෙතෙක් සිටි ලාබාලතම ටයිකොන්ඩෝ උපදේශිකාව” ලෙස ගිනස් ලෝක වාර්තා (GWR) ශූරතාව ද දිනා ගෙන තිබේ. “අවුරුදු හතයි දින 270ක් වයසැති, ඇය ලෝකයේ ලාබාලතම …

Continue Reading

ශ්‍රී ලංකාව කැන්ගරුවන් හමුවේ දැවැන්තම එක්දින ජය ලබයි

කුසල් මෙන්ඩිස්ගේ පස්වැනි එක්දින ශතකයත්, චරිත් අසලංකගේ අර්ධ ශතකයත් සහ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 174 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. ඔස්ට්‍රේලියාවට එරෙහිව ලද දැවැන්තම එක්දින තරග ජය ලෙසින් සනිටුහන් වුණු එම සුවිශේෂී ජයග්‍රහණයත් සමඟම තරග 2 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 2-0 ක් …

Continue Reading

ගාල්ලේ දැවැන්ත පරාජයට හේතුව කුමක්ද ? ජයසූරිය ‘තිත්ත ඇත්ත’ හෙළිකරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ වගකීම් විරහිත පිතිකරණය ගාල්ලේ දැවැන්ත පරාජයට හේතුව බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය චෝදනා කරයි. ශ්‍රී ලංකාව සහ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ශ්‍රී ලංකාව ඉණිමක සහ ලකුණු 242ක දැවැන්ත පරාජයක් ලැබූ අතර එය ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා කළ දැවැන්තම පරාජය විය. තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී …

Continue Reading