එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

2026 ජනවාරි 22 වන දින ආරම්භ වීමට නියමිත එක්දින සහ විස්සයි20 තරගාවලියට සහභාගී වීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසනය 08.20ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. ඔවුන් එක් දින ක්‍රිකට් තරග 03කට සහ විස්සයි විස්ස ක්‍රිකට් තරග 03කට සහභාගී වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සඳහා …

Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය ෂම්මි සිල්වාට

2025–2027 කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස ෂම්මි සිල්වා නැවත තේරී පත් වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 64 වන වාර්ෂික මහා සභා රැස්වීමේදී ඔහු නිතරගයෙන් නැවත තේරී පත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය. ඔහුගේ නැවත තේරී පත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැතිවරණ කමිටුව විසින් තහවුරු කරන ලදී. මෙය ඔහුගේ අඛණ්ඩ සිව්වන ධුර කාලය සනිටුහන් කරන අතර …

Continue Reading

දෙවැනි තරගයෙන් නවසීලන්තයට ලකුණු 45 ක ජයක්

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර මවුන්ට් මන්ගනුයිහිදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 45 ක ජයක් අත්කරගත් සත්කාරක නවසීලන්ත කණ්ඩායම තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිියදීම තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට සමත්විය. පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 5 කට ලකුණු 186 ක් ලබා ගත් අතර එය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.1 කදී සියලු දෙනා …

Continue Reading

නවසීලන්ත – ශ්‍රී ලංකා විස්සයි-20 තරගාවලිය සම වෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නොවැම්ඊබර්යේ 10 වැනිදා දෙවැනි විස්සයි20 තරගයෙන් නවසීලන්තය ලකුණු 5ක තියුණු ජයක් හිමිකර ගැනීමත් සමඟ තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස සම මට්ටමින් අවසන් විය. තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක විසින් නවසීලන්තයට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළ හෙයින් නවසීලන්ත පිල ඕවර් 19.3කදී …

Continue Reading

කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව පළමු විස්සයි-20 තරගාවලි ජය වර්තා කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ලා දෙපළ වූ මෙන්ඩිස් සහ පෙරේරා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 106 ක නොබිඳිණු කඩුලු සම්බන්ධතාව ප්‍රධාන කොට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (17 දා) රාත්‍රියේදී හැකියාව ලැබිණ. විස්සයි-20 තරග රිද්මය ලොවට හඳුන්වාදීමෙන් අනතුරුව …

Continue Reading

T20 කාන්තා ලෝක කුසලානය : තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට

T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව අද (ඔක්:09 වැනිදා) පැවති තරගය ලකුණු 82කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී ද පන්දු යැවීම, පන්දු රැකීම සහ පන්දුවට පහරදීම යන තුන් ඉරියව්වෙන් ම පෙන්නුම් කරනු ලැබුවේ ඉතා දුර්වල ක්‍රීඩා විලාසයකි. මෙම තරගයේ පරාජයත් සමග මෙවර T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී …

Continue Reading

ගාලු ජයග්‍රහණයෙන් පසු WTC ශ්‍රේණිගත කිරීම්වල ප්‍රධාන වෙනසක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව තරගාවලිය 2-0ක් ලෙස ජයගත් අතර ICC ලෝක ටෙස්ට් ශූරතා ශ්‍රේණිගත කිරීම්වල තම ස්ථානය තවදුරටත් තහවුරු කර ගත්තේය. ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයේ රැඳී සිටියද, ඔවුන් මේ වන විට ඔවුන්ගේ ලකුණු ප්‍රතිශතය 55.55% දක්වා වැඩිදියුණු කර ඇත. අනෙක් අතට, …

Continue Reading

කමිඳු – ඩොන් බ්‍රැඩ්මන් සම වුණ ලෝක වාර්තාව

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී තවත් සුවිශේෂී ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් තැබීමට කමිඳු මෙන්ඩිස් සමත් විය. ඒ අඩුම ඉනිම ගණනකදී ටෙස්ට් ලකුණු 1000ක් වාර්තා කළ ක්‍රීඩකයින් අතර තෙවැනි ස්ථානයේ සිටි ලෝක පූජිත ඩොන් බ්‍රැඩ්මන් / Don Bradman හා සමවෙමිනි. කමිඳු මේ දක්වා ටෙස්ට් ඉනිම් 13කට ක්‍රීඩා කර ඇති …

Continue Reading

හැසිරීම අවුල් – දුලිප් සමරවීරට වසර 20ක තහනමක්

ක්‍රිකට් ඕස්ට්‍රේලියානු (Cricket Australia –CA) ආයතනයේ ආචාරධර්ම පද්ධතිය බරපතෙළ ලෙස උල්ලංඝනය කිරීම හේතුවෙන් හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක දුලිප් සමරවීරට වසර 20ක තහනමක් පනවා තිබේ. සමරවීරට CA හෝ WBBL හෝ BBL කණ්ඩායම් ඇතුළුව ප්‍රාන්ත හෝ ප්‍රදේශීය සංගමයක් තුළ කිසිදු තනතුරක් දැරීම මේ අනුව තහනම් කර ඇත. ක්‍රිකට් වික්ටෝරියා (Cricket Victoria – CV) ආයතනයේ සේවයේ නියුතුව සිටියදී සමරවීර “නුසුදුසු හැසිරීම්” වල …

Continue Reading

SL VS NZ: කුසල් මෙන්ඩිස් අංක 7 ස්ථානයට

එංගලන්තයට එරෙහිව ලන්ඩන් ඕවල් පිටියේදී ලබාගන්නා ලද ටෙස්ට් තරග ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු තව තවත් වැඩිවී ඇති බව නොරහසකි. එබැවින් අද (18 දා) නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තරග බිමට පිවිසෙන්නේ කලකට නොතිබුණු අමුතුම ජවයක් සමඟිනි. සනත් ජයසූරිය කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ධුරයට පත්වූ දා සිටම යම් කිසි …

Continue Reading