“2025 දී ඒඩ්ස් වලින් තොර රටක්” විශේෂ වැඩපිලිවෙල

වසර 2025 වන විට ශ්‍රී ලංකාව “ඒඩ්ස්” වලින් තොර රටක් බවට පත් කිරීමේ විශේෂ වැඩ පිළිවෙලක් ආරම්භ කරන බව එච්අයිවී ඒඩ්ස් මර්දන වැඩ සටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කරයි. මේ අනුව ලබන වසර වන විට සියලුම ගර්භනී මව්වරුන් එච්අයිවී වෛරසය සඳහා පරික්ෂා කිරීම ආරම්භ කර එච්අයිවී වලින් තොර දරුවන් බිහි කරලීමේ ක්‍රමයක් ස්ථාපිත කරන බව අධ්‍යක්ෂවරයා පැවසීය. ගර්භනී …

Continue Reading

පිටස්තර පුද්ගලයින්ට ශිෂ්‍යත්ව විභාග දින පාසැලට ඇතුලුවීම තහනම්

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනයේදී එම විභාග මධ්‍යස්‌ථාන ලෙස පැවැත්වෙන පාසල්වල විදුහල්පති කාර්යාලයද වසා තබන ලෙස විභාග දෙපාර්තමේන්තුව අදාළ පාසල් ප්‍රධානීන්ට දැනුම් දී ඇත.අදාළ පාසලේ ගුරුවරුන්ට අනධ්‍යයන කාර්ය මණ්‌ඩලයට හෝ අවසර නොමැති කිසිදු පුද්ගලයකුට විභාග මධ්‍යස්‌ථානයට ඇතුළුවීම සපුරා තහනම් කර තිබේ. එමෙන්ම ශාලාධිපතිවරුන්ට හැර විභාග කාර්ය මණ්‌ඩලයේ කිසිදු සාමාජිකයකුට විභාග මධ්‍යස්‌ථානයේදී ජංගම දුරකථන පාවිච්චිය ද සම්පූර්ණයෙන් ම තහනම් කර ඇත. විභාගය …

Continue Reading

කරදියාන අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘතියට ජනපති අතින් අද මුල්ගල තැබේ

බටහිර කොළඹ කරදියාන කසළ අංගණයේ කසළින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය අද (17) උදෑසන 6.30ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. කරදියානට බැහැර කෙරෙන කසළ මගින් විදුලි ජනනය හා කාබනික පොහොර නිපදවීම සිදු කෙරෙන අතර මෙසේ නිපදවෙන පොහොර තේ ඇතුලු දිගු කාලින භෝග වගාව සඳහා වඩාත් යෝග්‍ය බවට හඳුනාගෙන තිබේ. ඕනෑම වගාවකට සුදුසු මේ පොහොර යෙදීමෙන් පරිසර හිතකාමීත්වය ආරක්ෂාවන අතර …

Continue Reading

පෑන්ඒෂියා ප්‍රාථමික අලෙවිකරණ කටයුතු හය මසකට අත්හිටුවයි

පෑන්ඒෂියා බැංකුව විසින් ප්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් කරන ව්‍යාපාරික කටයුතු මාස හයක කාල සීමාවක්‌ සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය තීරණය කර ඇත. මෙම ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම, පෙරේදා (15 දා) උදේ 10.00 සිට මාස හයක කාලයක්‌ සඳහා බල පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍යායතන අධීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම නියාමන ක්‍රියාමාර්ගය ගැන කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා …

Continue Reading

බ්‍රයිබරියට කොටු වූ තංගල්ලේ මහජන සේවක

තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක් හා මෙවර විපක්ෂ නායක කිත්සිරි සායක්කාර ප්ලැන් එකකට අනුමැතිය ලබා ගැනිමට ලක්ෂයක කප්පම් මුදලක් ලබා ගනිද්දි අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන් විසින් හසුකරගැනීමට සමත්ව තිබේ. දූශණ හා වංචාවට තිත තියන්නට පත් වූ යහපාලන ආණ්ඩුවේ පලාත් සභාවක හිටපු සභාපති වරයෙක් හා වර්තමානයේ විපක්ෂ නායකයෙකු මෙලෙස අල්ලසක් ගැනීමේදි නීතියට හසු කරගෙන තිබීම යහපත් ප්‍රවනතාවයක් ලෙස සැලකිය හැකි …

Continue Reading

සමෘද්ධි දීමනා ප්‍රතිශෝධන ක්‍රියාවලිය අවලංගු කිරීමට තීරණයක් – මහින්ද අමරවීර

සමෘද්ධි දීමනා ප්‍රතිශෝධන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවලංගු කිරීමට ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනුකමිටුව තීරණය කර තිබේ. එහි සාමාජික අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, පෙර පරිදිම සමෘද්ධි සහනාධාර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව ය. මීට පෙර සමෘද්ධි දීමනා කප්පාදුවක් ඇති වෙන බවට සහ එම දීමනා ලබන දීමනා ලාභින්ගේ නම් ලැයිස්තු සංශෝධනයක් සිදුවන බවට සමාජ කතිකාවතක් ඇති වී තිබින. එවැනි …

Continue Reading

Exclusive: නව ආර්ථික ගමනක් වෙනුවෙන් ‘ජාතික ආර්ථික සභාව’ට අනුමැතිය

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කල්මරමින් සිටි ‘ජාතික ආර්ථික සභාව’ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ කැටිනට් පත්‍රිකාවක් යටතේ කැබිනට් අනුමැතිය හිමිකරගෙන තිබේ. මෙම ජාතික ආර්ථික සභාව යටතේ රටේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය සහ එම කටයුතු මෙහෙය වීම සිදුවනු ඇති අතර ඒ සඳහා ජනාධිපතිවරයා විසින් නියෝජිතයින් පත්කරනු ඇත. ජාතික ආර්ථික කමිටුව ලෝක බැංකු අනුමැතිය සහිත රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් වන දීර්ඝ කාලීන …

Continue Reading

පණ දාගෙන Facebook එකේ සිංහලෙන් type කරපු කාලේ ඉවරයි.

මේ සමඟ ඇති සවිස්තරාත්මකව දක්වා ඇති වීඩියෝ එක නරඹා පහසුවෙන් Google g borad මොබයිල් ඇප් එක බාවිතා කරමින් සිංහලෙන් ටයිප් කරන කාලය ඉතිරි කරගනිමින් ඔබගේ කටහඬ උපයෝගි කරගනිමින් ඔබට ටයිප් කරගැනීමට අවශ්‍ය දේ පිලිබඳ ඔබගේ දුරකථනයට පැවවීමෙන් ඉතා පහසුවෙන් කරගැනීමට පුළුවන්. එය ටයිප් කරන කාලයට වඩා තුන්ගුණයක් වේගවත් වන අතර. ඔබ පවසන දෑ අතුලත ඇති ඉංග්‍රිසි වචන එලෙසම ඉංග්‍රිසි අකුරෙන් …

Continue Reading

ප්‍රමිතියෙන් තොර වෛද්‍ය උපකරණ අනුමත කලේ කවුද?

සේලයින් දෙන්න කටුව ගැහුවාම අත ඉදිමෙනවාලු. එය රෝහලේ වරදක් නොව කටුව හැදූ සමාගමේ වරදක්ලු. රෝගින් මැසිවිලි නගති නිසි ප්‍රමිතියෙන් තොර සේලයින් කටු රෝහල වෙනුවෙන් අනුමත කල අය රොගින් පත්වන අපහාසුතාවය පිළිබඳ වගකීම බාරගන්න වාද? මීගමුව රජයේ රෝහලේ 4 වාට්‌ටුවේ නේවාසික රෝගීන්ට සේලයින් දීමට කටුව ගැසූ පසු එම ස්‌ථානයේ අසාමාන්‍ය ඉදිමීමක්‌ සිදුවී ඇති රෝගීන් කීපදෙනකු හමුවී ඇතැයි වාර්තා වේ. අසනීප තත්ත්වයක්‌ …

Continue Reading

විජේදාස ගැන අවිශ්වාස 70 කගේ අත්සන් එකතුවේ

මේ වන විට අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව ඇති විශ්වාස භංගයට මන්ත්‍රි වරුන් 70 ක් අත්සන් තබා ඇති බව ජේෂ්ඨ ඇමතිවරයෙක් පවසයි. එක්‌සත් ජාතික පක්‍ෂයේ සහ එම පක්‍ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් මේ සඳහා අත්සන් තබා ඇති අතර ඒ පිළිබඳව තීරණයක්‌ ගැනීම සඳහා හෙට (17 දා) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමට එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවද එම ඇමැතිවරයා සඳහන් කළේය. …

Continue Reading