රනිල් එජාප මන්ත්‍රීවරුන්ව හිර කරයි

මේ වන විට අගමැතිධුරයේ රැඳී සිටින රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංගයක් පැවැත්වෙන බැවින් අප්‍රේල් 6 වෙනදා තෙක් සියලුම ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විදේශ ගමන් තහනම් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි. අප්‍රේල් පලවෙනිදා වන විට ආණ්ඩුපක්ෂයේ විදේශ ගතව සිටින සියලු මන්ත්‍රීවරුන් මෙරටට පැමිණෙන බවත් ඔවුන්ට අප්‍රේල් 2-6 දක්වා විදේශ ගමන් තහනම් බව වැඩිදුරටත් ඒ මහතා සඳහන් කර තිබේ. අද(27) …

Continue Reading

හෙට යළිත් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

යළිත් වරක් හෙට (28) දිනයේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.00ට කථානායක කාර්යාලයේදී විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබේ. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව වාර්තා වෙයි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කථානායක …

Continue Reading

විශ්වාසභංගයට එජාප මන්ත්‍රීවරු 27කගේ සහාය

අප්‍රේල් 4 වැනි දිනට පෙර එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධානයක්‌ නොකරන්නේ නම් එදින විශ්වාසභංගයේදී එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරු 27 ක්‌ පමණ විශ්වාසභංගයට සහාය පළ කරන බව රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා ඊයේ (26) පැවසීය. ඒ අනුව එදින එම මන්ත්‍රීවරුන් විශ්වාසභංගයට සහාය පළ කිරීම හෝ නොපැමිණ සිටීම යන දෙකෙන් එකක්‌ සිදු වනු ඇතැයි ද රංගේ ඇමැතිවරයා කීවේය. ආණමඩුවේදී පැවැති ජනහමුවකදී ඇමැතිවරයා …

Continue Reading

රනිල් ගැන ශ්‍රීලනිපය දෙගෙඩියාවක

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට සහය පල කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීන්දු කිරීම සඳහා එළඹෙන සතිය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට තීරණය කර තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස එහිදී අවසන් තීරණය ගැනීමට නියමිත බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ …

Continue Reading

මහින්ද, රනිල්ට එරෙහි විශ්වාසභංග කථානායකට දෙයි; ඒත් මහින්ද, ගම්මන්පිල අත්සන් නොකරයි

චෝදනා දාහතරක්‌ යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්‌ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඊයේ (21 දා) කථානායකවරයා වෙත භාරදෙන ලදී. මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් කණ්‌ඩායමක්‌ පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ නිල කාමරයේදී මෙම විශ්වාසභංග යෝජනාව ඊයේ (21 දා) පස්‌වරු 2.30 ට පමණ භාර දුන්හ. මෙම විශ්වාසභංග යෝජනාවට ඉඩම් රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක, රාජ්‍ය …

Continue Reading

අගමැතිට එරෙහි විශ්වාසභංගය ක්‍රියාත්මක වෙයිද..?

පළාත් පාලන මැතිවරණය පරාජයට පත්වීමෙන් පසු තනතුරෙන් ඉවත් වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ජනාධිපතිවරයා කළ ඉල්ලීම අගමැතිවරයා ප්‍රතික්‍ෂේප කළද දැන් විශ්වාසභංගය හරහා ඔහු ඉවත් කිරීමට ජනපතිවරයාට හොඳ අවස්‌ථාවක්‌ ලැබී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී.එල්. පීරිස්‌ මහතා පැවසීය. ජනාධිපතිවරයාගේ ඒ මැදිහත් වීම ඒකාබද්ධ විපක්‍ෂය බලාපොරොත්තු වන බවද කී ඒ මහතා තම වගකීම ඉටු කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන …

Continue Reading

මම O/Lවත් ලියලා නැති කාලෙත් පක්ෂ නායකයා අද ඉන්න නායක Mr.රනිල්ම තමා – ඇමති හරීන්

එක්‌සත් ජාතික පක්‍ෂයේ වත්මන් නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයට පත්වන විට තමන් සාමාන්‍ය පෙළ ලියා තිබුණේ නැතැයි ද පක්‍ෂයේ දැවැන්ත වෙනසක්‌ සිදුවිය යුතු බව තමන් විශ්වාස කරන බවද විදේශ රැකියා ප්‍රවර්ධන සහ විදුලි සංදේශ ඩිජිටල් පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ඒ මහතා මේ අදහස්‌ පැවසුවේ ඉකුත් 17 දා ගාල්ලේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. මෙහිදී වැඩිදුරටත් …

Continue Reading

සාගලගේ රියදුරා ගෝඨාගේ ගෝලයෙක්… කුප්‍රකට මලික්ව පන්නා දමන ලෙසට ඉල්ලීමක් (විශේෂ)

මේ සිද්ධිය සම්බන්ධයෙන් එම සංවිධායකවරුන් සිරිකොත මුලස්ථානය ඉදිපිටදී පසු ගියදා විරෝධතාවයක් ද පැවැත් වූ අතර මේ වන විට එම සංවිධායකවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබෙන්නේ මලික් සමරවික්‍රම මහතා වහාම පක්ෂයේ සභාපති ධූරයෙන් පහ කරන ලෙසය. මලික් සමරවික්‍රම සහ සාගල රත්නායක කියන්නේ මහින්ද රාජපක්ෂටත්,ගෝඨාභය රාජපක්ෂටත්,බැසිල් රාජපක්ෂටත් අවශ්‍ය ලෙස ක්‍රියා කරන ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ සුරතලුන් බව කොළඹ සේදවත්ත පුරාණ රජ මහා …

Continue Reading

සමාජ ජාල වාරණයෙන් ආණ්ඩුවේ නොහැකියාව සහ අසමත්භාවය පැහැදිලියි – ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

අන්තර් ජාලය භාවිත වන්නේ ජාතිවාදය ඇවිස්සීමට හෝ ආණ්ඩු විවේචණය කිරීමට පමණක් නොව එය ව්‍යාපාරික හා සන්නිවේදන මෙවලමක් බැවින් සමාජ ජාලා වාරණය අවසන් කිරීමට රජය වහා කටයුතු කළ යුතු ව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. සංවිධානාත්මක පරිගණක අපරාධ මර්ධනය කිරීමට ද, ආණ්ඩුව පිළිබද දේශපාලන විවේචනයට මුහුණ දිය නොහැකිව සිටින රජය අන්තර් ජාලය, සමාජ ජාලා, තොරුතුරු සන්නිවේදනයට සීමා …

Continue Reading

ජීවිත හා දේපල හානි වෙනුවෙන් වන්දි ගෙවනවා – රනිල් කියයි

මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් ජීවිත හා දේපල හානි වෙනුවෙන් වන්දි ගෙවීමට අවශ්‍ය පියවර ආරම්භ කර ඇති බව අගමැතිධුරයේ රැඳී සිටින රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ එම වන්දි ගෙවීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බවය. මහනුවර දිස්ත්‍රික්කයේ සිදුවූ කලහකාරී සිද්ධීන් පිළිබඳව ජනතාවට කරුණු පැහැදිලි කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය මෙසේය. ඊයේ …

Continue Reading