නව රජයේ නව ඇමතිවරු දිවුරුම් දෙති
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නායකත්වය දෙනු ලබන නව රජයේ නව අමාත්‍යවරුන් පිරිස් අද(01) දිවුරුම් දුන්හ. ඒ අනුව නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු හය දෙනෙක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය. එම නාම ලේඛනය පහත පරිදි වේ. කැබිනට් අමාත්‍යවරු දුමින්ද දිසානායක මහතා – වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා …
Continue Reading
තිරසර ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් වැටුණු ආර්ථිකය ගොඩගන්නවා
රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ ලැබෙන ආකාරයට පනවා තිබෙන සංකීර්ණ බදු ක්‍රමය සරල කර නිශ්චිත ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට කටයුතු කරන බව නව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවැසීය. ඊයේ (31) කොළඹ ලෝටස් පාරේ පිහිටි මුදල් අමාත්‍යාංශයේදී නව මුදල් හා ආර්ථික කටයුතු ඇමැතිවරයා ලෙස වැඩභාර ගැනීමෙන් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ වසර 03 කුත් මාස …
Continue Reading
අගමැති මහින්ද වැඩ අරඹයි (වීඩියෝ)
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ නිල වශයෙන් වැඩ බාර ගෙන තිබේ. ආගමික වාතාවත්වලින් අනතුරුව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බාර ගැනීම අද(29) සිදු විය. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජන රජයේ 22 අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයේ කටයුතු ආරම්භක කරන ලදි. මේ අතර, අග්‍රාමාත්‍ය ධූරයේ මහින්ද රාජපක්ෂ මහතා බාර ගැනීම සමඟ රට පුරා …
Continue Reading
ජනාධිපතිතුමා ගත්තේ දුෂ්කර තීන්දුවක්; ඒක තමන්ටත් ගන්න අමාරු තීන්දුවක් – අගමැති මහින්ද
ජනාධිපතිතුමා ගත්තේ දුෂ්කර තීන්දුවක්. ඒක තමන්ටත් ගන්න අමාරු තීන්දුවක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක පැවසීය. ඔහු එසේ සඳහන් කළේ ඊයේ (28) පුංචි බොරැල්ලේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. සැබෑම මෛත්‍රි යුගය ඇරඹෙන්නේ දැනුයි. වෛරී දේශපාලනය අවසන් කළ යුතුයි. අපි හදන්නේ භාරකාර නොවෙයි කාර්යභාර ආණ්ඩුවක්. පරණ වැරැදි නිවැරැදි කරන ආණ්ඩුවක් හදන්න තමයි අපේ …
Continue Reading
එජාපයේ මන්ත්‍රීවරු ගැලවෙමින් අගමැති මහින්ද දෙසට එති.. සමහරු රනිල් බලන්න යන හේතුව හෙළිවෙයි!
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අද (28) දින දිවුරුම් ප්‍රකාශ අත්සන් කර දුන් මන්ත්‍රීවරුන් කණ්ඩායමක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති මහින්ද රාජපක්ෂ නව ආණ්ඩුව සමඟ එක්වීමට නියමිත බව ඉතා විශ්වාසනීය ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. නිරන්තරයෙන් දුරකථන ඇමතුම් ලබාදෙමින් රනිල්, අඛිල, සාගල, මංගල යන මන්ත්‍රීවරුන් දෙන වදයෙන් මිදී අවසාන මොහොත දක්වා රනිල් වික්‍රමසිංහ මීට පෙරදී සිදුකළ ආකාරයට (ගොනාට ඇන්දවීම) …
Continue Reading
අගමැති මහින්දට සන්ධානයේ පූර්ණ සහය; ජනපති-අගමැති හමුවෙති
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සහභාගිත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. රජයේ ඉදිරි වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කකර ඇති බව ජනාධිපති මාදය අංශය නිවේදනය කළේය. එම ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූ මන්ත්‍රීවරුන්ගේ සහය …
Continue Reading
රනිල්ව අගමැතිධුරයෙන් නෙරපා හැරි බවට ජනපති දැනුම් දෙයි; රනිල් යන්න බැහැ කියයි (Video)
තමා වෙත ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිතව දැනුම් දී ඇත. ජනාධිපති ලේකම්වරයා මගින් අගමැතිවරයා වෙත එම ලිපිය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි. එම ලිපිය පහත දැක්වේ. තව දුරටත් නීත්‍යානුකූල අගමැති තමා බව රනිල් වික්‍රමසිංහ පවසයි. එසේම මහින්ද රාජපක්ෂ …
Continue Reading
ජනපති මෛත්‍රී දෙවන මෙහෙයුම අවසන් කරයි! තෙවන මෙහෙයුම ඇරඹෙයි! මංගල මොංගල් කෙළමින් එජාපය අවසන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පුරා මාස 03 කට අධික කාලයක් තිස්සේ සිදුකරනු ලැබූ සිය දෙවන දේශපාලන මෙහෙයුම අද(26) සවස සාර්ථකව අවසන් කරනු ලැබූයේ එක්සත් ජාතික පක්ෂයට තම රජයක් පවත්වාගෙන යෑමට ලබාදී තිබූ අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ලබානොගෙන ඉන් පරිබාහිර දේශපාලන ඉලක්ක හඹා යෑම හේතුවෙන්. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ගත ආණ්ඩුව නිමා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ජාතික …
Continue Reading