මැතිවරණ නීතිය අද සිට අකුරටම ක්‍රියාත්මකයි

මැතිවරණ නීතිය අද සිට ක්‍රියාත්මක වන බව පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලයේ අද(11) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. එසේම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් සෘජුවම සහ නීතිපති උපදෙස් මත නඩු පැවරීමට පියවර ගන්නා බවයි. සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන වලට බාධා වන අයුරින් කටයුතු කිරීම නීති විරෝධී වන අතර ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර …

Continue Reading

උද්ඝෝෂකයින් පාලනයට පොලිස්‌ සුනඛයන් කරපටි නොමැතිව යවයි

නීතිවිරෝධී අන්දමින් සිදුකරන මහජන උද්ඝෝෂණ විසුරුවා හැරීම සඳහා යොදාගන්නා පොලිස්‌ සුනඛයන් පොලිස්‌ ඉතිහාසයේ ප්‍රථම වතාවට කරපටිය (දම්වැල) නිදහස්‌ කර එම පෙළපාලිවලට යවන බව පොලිස්‌ ආරංචි මාර්ගවලින් හෙළිවී තිබේ. මෙසේ කරපටිය නිදහස්‌ කර ඉදිරියට යවන පොලිස්‌ සුනඛයා පොලිසියට අවශ්‍ය කරන සැකකරුවන් ඉදිරියට ගොස්‌ බිරීමට පුරුදු කරන අතර යම් හෙයකින් එම පොලිස්‌ සුනඛයාට කිසිවකු ගල්මුල්වලින් පහරදීමට උත්සාහ ගන්නේ නම් එම පුද්ගලයා හෝ …

Continue Reading

ග්‍රාම නිලධාරිනිය දූෂණය කළ රත්තොට OIC අත්අඩංගුවට

උඩුදුම්බර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියකට මරණීය තර්ජන එල්ල කර ඇය දූෂණයට ලක්‌ කළ බව කියන රත්තොට පොලිසියේ ස්‌ථානාධිපතිවරයා පොලිස්‌ විශේෂ විමර්ශන ඒකකය මගින් ඊයේ (11) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර පොලිස්‌ පරීක්‍ෂකවරයා උඩුදුම්බර පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඉකුත් අප්‍රේල් මස 9 වැනිදා එම ග්‍රාම නිලධාරිනිය දූෂණයට ලක්‌ කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ. දෙදරු මවක වන මෙම ග්‍රාම …

Continue Reading

දිවුලපිටිය පොලිස් ස්‌ථානාධිපති සැකකරුවකුට පහර දී මරා දමයි!

දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකු මියයැම සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපතිවරයා (අයි.පී.) අත්අඩංගුවට ගත් බවත්, එහි වැඩබලන ස්‌ථානාධිපතිවරයා (අයි.පී.) හා පොලිස්‌ කොස්‌තාපල්වරයකු වහාම ක්‍රියාත්මක වන පරිදි පෑලියගොඩ මූලස්‌ථාන පොලිසියට ස්‌ථානමාරු කර යවා ඇති බවත් පොලිස්‌ මූලස්‌ථානය කියයි. මෙලෙස මියගොස්‌ ඇත්තේ දිවුලපිටිය, හුණුමුල්ල, කැලෑපිටිමුල්ලේ පදිංචිව සිටි නයිවල අප්පුහාමිලාගේ ගාමිණී එඩ්වඩ් නමැති 50 හැවිරිදි විවාහකයෙකි. සොරකම් කීපයක චෝදනාවකට අදාළව …

Continue Reading

පොලිසියට පහරදුන් 05 ක් රිමාන්ඩ්

මියන්මාර් ජාතික රොහින්ග්‍යා සරණාගතයන් පිරිසක්‌ රඳවා සිටි ගල්කිස්‌ස මහල් නිවසක්‌ අසල කලහකාරී ලෙස හැසිරෙමින් එම නිවසට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක ඇතුළු පුද්ගලයන් හයදෙනාගෙන් පස්‌දෙනකු මෙම මස 09 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. එක්‌ සැකකරුවකු පොලිස්‌ ඇප මත මුදාහැරුණු බව කොළඹ අපරාධ කොට්‌ඨාසය කියයි. මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ ගල්කිස්‌ස …

Continue Reading

රිය අනතුරක් හේතුවෙන් ජනාධිපතිගේ සොහොයුරෙක් අත්අඩංගුවට

පොලොන්නරුවේ ඇතුමල්පිටිය ප්‍රදේශයේදී අද (09) අළුයම සිදුවූ අනතුර සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරකු අත්අඩංගුවට ගනුලැබ ඇත. නැණසිරි ප්‍රඥාරත්න සිරිසේන නම් සැකකරු වැඩිදෙනා විසින් හඳුන්වනු ලබන්නේ ලාල් සිරිසේන යනුවෙනි. සැකකරු විසින් පදවන ලද වාහනයේ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනාම මියගොස් තිබේ. වකුගඩු රෝගය සඳහා පොලොන්නරුව මහරෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ආපසු යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් මියගිය දෙදෙනාගෙන් අයෙක් ජනතා …

Continue Reading

කෝටි 200ක කුඩු ඇල්ලූ අද්විතීය මෙහෙයුමක්!

ප්‍රධාන පෙළේ පාතාල නායකයකු සේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘මාකඳුරේ මදුෂ්’ නමැත්තා විසින් වයඹ මුහුදු තීරය ඔස්සේ මෙරටට එවූ බවට සැක පළකරන රුපියල් කෝටි දෙසීයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් ඩිෆෙන්ඩර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී සැකකරුවකු සමඟ හලාවත, අංනයිඑලුන්දාව, කුරුලු අභය භූමියේදී පුත්තලම දිසා බුද්ධි අංශය මඟින් ඊයේ (11දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. මෑතකදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය මෙය …

Continue Reading

මෙන්න පූජිත් වැඩ අරඹයි!

මාලබේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳව වන ප්‍රශ්නය ඇත්තේ, තවමත් විසඳුමක් පේනතෙක් මානයක නැති මට්ටමක ය. සිසුන් විවිධ උද්ගෝෂණ ක්‍රියාමාර්ග ගන්නා අතර රජය සිටින්නේ නෑසූ කන් ඇති ව ය. රාජිත සේනාරත්න ඇමැතිවරයා වෙත දිගින් දිගට ම සයිටම් පාලනාධිකාරියට පක්ෂ ව වැඩ කරන බවට චෝදනා එල්ල වෙයි. කෙසේ වෙතත්, මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනපතිවරයාට ලිපියක් බාර දීමට ගිය වෛද්‍ය සිසුන්ට ජල ප්‍රහාර …

Continue Reading

පූජිත ජයසුන්දර පොලිස්පති වීම ගැන වෙනස් කතාවක්!

පොලිස්පතිවරයා පත් කිරීම ව්‍යවස්ථා සභාවට අනුව සිදුවීම සුවිශේෂී කරුණකි. මන්දයත්, මෙය පෙර පොලිස්පතිවරයා පත් කෙරුණේ බලයේ සිටින ජනපතිවරයාගේ අත්තනෝමතයට නිසා ය. ජනපතිවරයා විසින් නම් තුනක් පොලිස්පති තනතුර සඳහා යෝජනා කර එවා තිබුණි. ඒ අතර වැඩ බලන පොලිස්පතිවරයාගේ නම ද සඳහන්ව තිබූ අතර ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දරගේ නම යි. සමාජ මාධ්‍ය ජාලවල පවා ජනප්‍රියත්වයක් …

Continue Reading