විමල් වීරවංශ – දේශපාලන පරාභවයේ ජීවමාන නිදර්ශකයක් ලෙස!

අපට මතක හැටියට විමල් වීරවංශ අතීතයේ එක්තරා දවසක දී ලියූ ලිපියක උධෘතය වූයේ වාසුදේව යනු කුමක් ද? යන්න යි. අතිශය කඨෝර ලියැවිල්ලක් බව සැක නැති එහි පස් පඩංගුවේ බැණ වැදුනු වාසුදේව සමඟ දේශපාලන වාසිය වෙනුවෙන් එක පතේ භක්ෂණය කරන විමල් ගැන ලියන්නේ මිනිසකු සිය දේශපාලන දිවිය තුළ මෙතරම් පරාභවයට යෑම නිදර්ශකයක් කොට ගන්නට ය. හැරත්, අතිශය වාමාංශික රැඩිකල් මූලයකින් දේශපාලනයට …

Continue Reading

“සාගරයක් මැද අමන රටක් ඇත!”

වසර බොහෝ ගණනකට පෙර මෙසේ ලිව්වේ සිසිර කුමාර මාණික්කආරච්චි නම් ලේඛකයා ය. අවුරුදු 2500ක ශිෂ්ටාචාරය, නිර්මල ථෙරවාද බුදු දහම, රාවණ දඬුමොනරය වැනි ගුවන් තොටිලි ගැස්සෙන වාක්‍යයක් වන මෙය ඔහු සිය සමාජ විවේචනාත්මක කෘතියක නමක් ලෙස යෙදුවේ ය. මානික්කආරච්චිගේ බෙහෝ ප්‍රකාශයන් සමඟ නොඑකඟතාවන් ඇති නමුදු මේ වාක්‍යය නම් ඇත්තට ම තවමත් වලංගු ය. පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය (දැන් නම් මේ …

Continue Reading