ලංකාව තවත කෙන්යාවක් නොවී බේරුණේ කොහොමද ? ජනපති කියන කතාව

දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට ආර්ථික ශක්තිය නොමැති අප්‍රිකානු කලාපයේ රටවල ණය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතුයි. ශ්‍රී ලංකාව එවන් සහනයක් අපේක්ෂා නොකරන අතර ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිය සහ ඥානය තිබෙනවා. දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ දී කලාපීය නායකත්වය ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් – ජනපති 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමින් පවසයි. ආර්ථික ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් කෙන්යාව අද …

Continue Reading

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිනුම්වලට බිලියන 11.6ක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ 2024 ජුනි මාසය සඳහා සංක්‍රාන්තික හා අවධානමට ලක්වූ කාණ්ඩවලට අයත් ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 11.6ක මුදලක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සමස්ත ප්‍රතිලාභීන් 622,495 දෙනෙකුගේ බැංකු ගිණුම් වෙත ඊයේ (27) මුදා හැර තිබේ. මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස අවධානමට ලක්වූ කාණ්ඩයේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ට රුපියල් 5000 බැගින් 2023 ජූලි මස සිට 2024. …

Continue Reading

තරුණයන් පැහැරගැනීමේ චෝදනාවට හිරුණිකාට වසර තුනක සිරදඬුවමක්

ඩිෆෙන්ඩර් රථයක් යොදා ගනිමින් තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියකට කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වරදකාරිය වී වසර තුනක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය අද (28) නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර තුනක සිර දඬුවමක් නියම කළේ එම වරදවල බරපතළකම සැලකිල්ලට ගෙනය.

Continue Reading

ජූලි 02 දා විශේෂ පාර්ලිමේන්තු රස්වීමක්

2024 ජුලි 02 වැනි අඟහරුවාදා පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු විශේෂ රැස්වීමට සහභාගි වන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ ගිවිසුම් මෙදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.  

Continue Reading

SJB 20ක් රාජිත එක්ක පිම්මකට සූදානම්

වර්තමාන ජනාධිපතිගේ වැඩපිළිවෙළ ගැන පැහැදීමකින් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් 15-20ත් අතර ප්‍රමාණයක් සිටින බව හිටපු ඇමැති රාජිත සේනාරත්න පවසයි. ඔහු පවසන්නේ මේ මොහොතේ ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් ලබා ලබාගැනීමට තමා සූදානම් නැති නමුත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට අවශ්‍ය සහාය දක්වන බවයි. ‘මට වඩා ආණ්ඩුවට එක්වීමේ වුවමනාව තිබෙන්නේ මේ පිරිසට. ඔවුන්ව ආණ්ඩුවට සම්බන්ධ කරන්න තමයි මම ජනපතිවරයා එක්ක සාකච්ඡා කරන්නේ‘  

Continue Reading

නීතිපතිවරයාගේ සේවා දිගුව යළිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරයි

නීතිපති සංජය රාජරත්නම්ගේ ධුර කාලය මාස හයකින් දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යළි ප්‍රතික්ෂේප කර තිබේ. පසුගියදා පැවති ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් පස් දෙනෙකු දීර්ඝ කිරීමට විරුද්ධ වූ අතර තිදෙනෙකු ඊට සහාය පළ කළේය. රාජරත්නම්ගේ ධුර කාලය දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම සභාව විසින් ප්‍රතික්ෂේප කළ දෙවැනි අවස්ථාව මෙයයි. පළමු ප්‍රතික්ෂේප කිරීම ජුනි මාසයේදී …

Continue Reading

Full Story: ජනපති ජාතිය අමතා හෙළි කළ ‘සුබ ආරංචිය‘ මෙන්න !

විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය රටට ආදරය කරන සියලුදෙනා ලැබු සුබ ආරංචියක් ඇතැමුන් ජනාධිපති ධූරය වෙනුවෙන් වෙහෙසෙද්දී මම වෙහෙසෙන්නේ රට වෙනුවෙන්. ලංකා මාතාව කියන දරුවා අනතුරුදායක වැල්පාලමේ මෙතෙක් ආරක්ෂිතව ඉදිරියට ගෙනාවා. හුණුවටයේ කතාවේ මෙන්ම දරුවා රැක ගන්න කිසිඳු සහයෝගයක් නොදුන් කණ්ඩායම් අද දරුවාගේ අයිතිය ගන්න සටන් කරනවා. පාර වරද්දා ගත්තොත් එහි භයානකකම අප සියලුදෙනා දන්නවා. නිවරැදි තීරණය …

Continue Reading

ගුරු-විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු දැමීමේ ගැන අලුත්ම තීන්දුව

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව ලංකා ගුරු සංගමය සිය අසනීප නිවාඩු ව්‍යාපාරය හෙට (27) දෙවන දිනටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ත්‍රස්ත සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි. ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් ඇතුළු විශාල පිරිසක් තම ඉල්ලීම්වලට සහය පළ කිරීම සඳහා කොටුව දුම්රිය ස්ථානයට රැස්ව සිටින අතර, අද පැවති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සාර්ථක වූ …

Continue Reading

ඇමෙරිකාවට හිසරදයක් වූ ‘විකිලීක්ස් නිර්මාතෘ‘ ගැන අලුත්ම පුවත

වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක වුණු නඩුහබවලින් පසු, අපරාධ චෝදනාවලට වරද පිළිගැනීමටත් සහ ඉන්පසු නිදහස් කිරීමටත් එක්සත් ජනපද බලධාරීන් සමග ඇති කරගත් එකඟතාවකින් අනතුරුව ජූලියන් අසාන්ජ් එක්සත් රාජධානියෙන් පිටව ගොස් ඇතැයි විකිලීක්ස් පවසයි. 52 හැවිරිදි අසාන්ජ්ට ජාතික ආරක්ෂාව සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට සහ ඒවා හෙළි කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. ඉරාක සහ ඇෆ්ගනිස්ථාන යුද්ධ පිළිබඳ තොරතුරු හෙළි කළ විකිලීක්ස් …

Continue Reading

තරුණයින්ගෙන් ජනපතිට දැවැන්ත ප්‍රශ්න පත්‍රයක්

තරුණ පරපුරට අවශ්‍ය අනාගත ශ්‍රී ලංකාව නිර්මාණය කිරීම පිළිබඳ රට පුරා පුළුල් සංවාදයක් ආරම්භ කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රට තුළ අලුත් ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් අලුත් ගමනක් යා යුතු බවත්, එහිදී තරුණ පරපුරට ප්‍රමුඛ වගකීමක් පැවරෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ  ඊයේ (25) අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේ දී ජාතික …

Continue Reading